free hit counter

බලශක්ති අර්බුධයෙන් රට බේරාගත් වීරයින් තිදෙනා – ඇමති ඩලස් අලහප්පෙරුම

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්දන හා දිවංගත ඇමති ගාමිණි දිසානායක ගත් දැක්මක් සහිත තීරණයත්, නොරොච්චෝලේ හි පළමු ගල් අඟුරු බලාගාර සංකීර්ණය ආරම්භ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිර්භීත තීරණයත් නොවන්නට මේ වනවිට ශ්‍රී ලාංකිකයන්ට පැය 16 ක විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවන බවත්, දේශපාලන වෙනස්කම් නොසලකා විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගනු ලබන නිවැරදි තීරණ පැසසිය යුතු බවත් .” කොලූපිටියේ නව විදුලිබල අමාත්‍යාංශ මූලස්ථානයට ආරාධනා කළ මාධ්‍යවේදීන් පිරිසකට අමාත්‍ය ඩලස් අලහපෙරුම පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම ප්‍රමුඛතාවය බව ද අලහපෙරුම මහතා පැවසීය.

පොසිල ඉන්ධන සඳහා රට විශාල මුදලක් වැය කළ බවත් පුනර්ජනනීය බලශක්තියෙන් ලැබෙන නිෂ්පාදනය වැඩි කිරීම වැදගත් බවත් අමාත්‍ය අලහප්පෙරුමා මහතා පැවසීය.

2025 වන විට ඩීසල් හා තෙල් වලින් විදුලිය උත්පාදනය සියයට 5 දක්වාත් 2030 වන විට සියයට 1 දක්වාත් අඩු කිරීමට අපි වැඩ ආරම්භකර තිබේ ඔහු පැවසීය.

වසර කිහිපයක් ඇතුළත ඉදිකිරීමට නියමිත විදුලි බලාගාර 7,000 කින් මෙගාවොට් 600 ක සූර්ය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවත් අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා සුළං හා සූර්ය බලශක්ති උත්පාදනය රට පුරා ව්‍යාප්ත කරන බවත් ඇමතිවරයා තව දුරටත් පැවසීය.

Facebook Comments