free hit counter

කොටි පොලිස් ඇඳුම නිසා යාපනය නගරාධිපති අත් අඩංගුවට

යාපනය ප්‍රදේශයේ කොටි පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පුද්ගලයන් 5 දෙනෙකු පිළිබඳ සිදු කෙරුණු විමර්ශනයකින් පසුව එම නියෝගය ලබා දුන් නගරාධිපතිවරයා අද (9) අලුයම 1.30 ට පමණ අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය එල්ටීටීඊ සංවිධානය නැවත බලය ලබාගැනීමක් ලෙස වාර්තා කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ විදේශගත සරණාගතයින් ලංකාවට පිටුවහල් කිරීමට අදාළ කටයුතු සිදුවන බැවින් ගැටුමක් ඇති කිරීමේ අරමුණින් සහ එහි වාසි ලබාගන නැවත එම රටවල සිටීමේ අරමුණින් මෙවැනි කුමන්ත්‍රණ සිදුවිය බවයි.

Facebook Comments