free hit counter

අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රී දූරයේ දිවුරුම් දෙයි

රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා මන්ත්‍රීධූරය සඳහා තෝරා පත්කර ගන්නා ලද බවට මැතිවරණ කොමිසම විසින් දැන්වීමත් සමග එයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (08) නිකුත් කෙරුණි.

2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතා මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මැතිවරණ කොට්ඨාසයෙන් පස්වන ස්ථානයට පත්ව තිබුණි.

Facebook Comments