free hit counter

උසස්පෙළ,සාපෙළ සහ ශිෂ්‍යත්වය කල්යයි

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 වර්ෂය සඳහා උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් දක්වා කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

ඒ අනුව විභාගය ඔක්තෝබර් 04 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතය.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මේ අතර ඔක්තෝබර් 3 වන දිනට කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තවද, සාපෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතිය දක්වා කල් දමා ඇත.

අද (අප්‍රේල් 09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Facebook Comments