free hit counter

තව්හීද් ජමාත්ලා පොලිස්පතිට, නීතිපතිට නඩු දමයි

එම සංවිධාන තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවෙරා විසින් අවසර ලබා දීමෙන් අනතුරුව සංවිධාන 11 ක් නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

තහනම් කළ යුතු අන්තවාදී කන්ඩායම් වලින් එකක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ නියෝජ්‍ය ලේකම් ටී. අහමඩ් ප්‍රකාශ කළේ ඔවුන් තම නීතිඥයින් හමුවී ඇති බවත් නීතියෙන් ඔවුන්ගේ තහනමට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

සංවිධාන තහනම් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර දින 14 ක් ගතවීමට පෙර නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඔහු පැවසීය.

Facebook Comments