free hit counter

වැරදිකරු වුණොත් කැරොලයින් ජූරිට වසර 10 කට වැඩි සිරදඬුවම් – ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා

ශ්‍රී ලංකා ලෝක රූ රැජිණ තේරීමේ තරගාවලියේ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගේ හිසෙන් එම කිරුළ උදුරා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රියාව සිදුකළ කැරොලයින් ජූරි ට එරෙහිව වසර 10 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබා දීමට හා ඇගෙන් වන්දි අයකර ගැනීමට නියෝග කිරීමට අධිකරණයට හැකියාව ඇතැයි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කරනවා.

ඇය ඒ අවස්ථාවේදී තමන්ට නොතිබුණු බලයක් පෙන්වා සිදුකළ බලහත්කාර කමක් මෙන්ම සොරාගැනීමක් සිදු කල බව පෙනෙන්නට තිබෙන බවද ඔහු පැවසීය.

මෙම ක්‍රියාව සිදුකළ තැනැත්තියට එරෙහිව බලහත්කාරකම් පෑම, බලෙන් ලබා ගැනීම, සොරා ගැනීම හා තුවාල සිදු කිරීම යන චෝදනා මත නඩු පැවරීමට හැකියාව ඇති බවද ඔහු කීය.

එසේම එම තරගය සංවිධාන කළ සංවිධායක මණ්ඩලයට ද කැරොලින් ජූරි ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

Facebook Comments