free hit counter

රොකට් ඉන්ධන නිර්මාණය කිරීමට ගිය උවිඳු විජේවීරගේ පන්තියේ පිපිරීමක්

පහුගිය දවසක මගේ පාසලේ “ඩී එස්” එකේ යාළුවෙක් පුංචි සටහනක් තියල තිබ්බා ඔහුගේ මුහුණු පොතේ ඒකත් එක්ක මට ලොකු අතීතයක පුංචි කතා ටිකක් මතක් උනා, ඉස්කෝලේ යන කාලේ මට ලොකු ආසාවක් තිබ්බා ලොකු වෙලා විද්‍යාඥයෙක් වෙන්න, පොඩිකාලේ හීන. යාලුවගේ සටහනින්ම කතාව පටන් ගන්න හිතුනා. මේ ඔහුගේ වචන ,
” උවිඳුව මම දන්නෙ දහය වසරෙ විතර ඉඳන්..ඉස්කෝලේ නව නිපැවුම් කරුවන්ගෙ සංගමේ අපේ සෙට් එකෙන් අමුතුම දේවල් හැදුවෙ උවිඳු.. එවා සරල උනාට හරි පුදුමයි…උවිඳු Art කරන්න ගිය නිසා මම මට මතක විදියට නව නිර්මාණ මගඇරුණා.. හැබැයි මේ අලුත් නිර්මාණය සාර්ථක වෙන්න කියලා රට වෙනුවෙන් පතනවා….ප්‍රධාන පක්ෂයකින් මේ රට තවත් හැදෙයි කියල හිතනවනම් ඒක හීනයක් විතරයි…”

අනුරුද්දගේ වචන එක්ක ඒ දවස්වල මම කරපු නිර්මාන කිහිපයක් මතක්වෙනව, (අපි සමස්තලංකා තරග පවා නියෝජනය කරපු හැටි)

ඇස් පෙනීමේ සංවේදීතාවය මත රාත්‍රියෙහි ඔබ පොතක් කියවන විට ආලෝකය අඩුවැඩි වන රාත්‍රී මේස පහනන. එය ඔබට කියවීමට අඩු හෝ වැඩි ආලෝකයක් අවශ්‍ය නම් එය ස්වයංක්‍රීයව ලබා දීම.

ආරක්ෂිත මුදල් පසුම්බිය, යමෙක් ඔබගේ මුදල් පසුම්බිය සොරා ගැනීමට තැත් කළ විට එහි විවිධ ශබ්ද නිකුත් කරමින් ඔබට දැනුම්දීම

සදාචල අනවතර යන්ත්‍රයක් නිර්මානය කිරීම සදහා කරන ලද පරික්ශන හා සැලසුම්.😄

තවද අමතක නොවන සිදුවීමක් වන්නේ 9 වසරේදී පමණ මාත් මිතුරනුත් රොකට්ටුවක් මේ නිර්මාණය කිරීම සඳහා රොකට් ඉන්ධන නිර්මාණය කිරීමට යෑමේදී හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එක්කල ​පරීක්ෂණය පුපුරා යැමය එහිදි මාගේ නලල කැපීගිය අතර පසුව විද්‍යා විශය භාර සර්ගෙන් අම්බානකට බැනුම් අසන්න ට විය. පසුව අප කෙසේ හෝ රොකට්ටුව නිර්මාණය කළ අතර එය යම් දුරකට විදිය හැකි විය. නමුත් එය රහසක් ලෙස තබාගතිමි.

තවද පාසල් කාලයේදී මා රේඩියෝවක් නිර්මාණය කරන ලද අතර එය කොටස් කිහිපයකින් යුක්ත විය පරිපථ තිබුණේ සපත්තු මාගේ සපත්තු අඩියේය. බැටිරි රඳවනය තිබුනේ පැන්සල් පෙට්ටියේය. රේඩියෝවේ ඇන්ටනා ව තබ කම්බියක් සපත්තු ලේසය හරහා යැවීම තුළින් නිර්මාණයය කර තිබිණි මේ සියල්ල සම්බන්ධ කර විට රේඩියෝ ඇසිය හැකි මට්ටමට නිර්මාණය කර තිබුණි.

මගේ පෑන පැන්සල මේ සියල්ල මම විසින් නිර්මානය කරන ලද අලුත් දේවල් මොනව හරි පරිපතයක් අලුත් දෙයක් ඒ තුල තිබුන.

​ඒ විතරක් නෙමෙය් අපි විවිධ පරීක්ෂණ වල ද නිරතවිය කෘෂි විද්‍යා අංශයේ කරන ලද පරීක්ෂණය ක් වූයේ ශබ්ද තරංග වගාවක අස්වැන්න බලපාන් ආකාරයයි එයට අප විදුහලේ හරිතාගාරය යොදාගගත් අතර එහි තෝරාගත් වගාවන් දෙකකින් , එක් වගාවකට පිරිත් ඇසීම්ට සැලැස්විය (තුන් සූත්‍රය) අනෙක් කොටසට නුතන සංගීතය එවකට (භාතිය සන්තුෂ්) ගේ සින්දු ඇසීමට සැලැස්විය අවසානයේ අස්වැන්න හා එහි ගුණාත්මක භාවය අප විසින් පරීක්ෂණයට භාජනය කරන ලදී නමුත් විදුහලේ තිබූ සීමිත සම්පත් ප්‍රමාණය පරීක්ෂණයට බාධාවක් විය.
කිවහැකි බොහෝ නිර්මාන හා පරීක්ෂණ ඇත…….

එසේ නමුත් මගේ මිත්‍රයා කියූ ලෙස පසුකාලීනව මා ශිෂ්‍ය නායක සංචිතයට ඇතුළත් වීමත් විවිධ සංගම් සමිති වල සභාපති ලේකම් ධූර දැරීමත් නිසා විද්‍යාවෙන් ටිකෙන් ටික ඈත් විය සමාජ පරිපාලනය කලා විෂය ධාරාවට ඇතුල්වීම නිසා විද්‍යා නිර්මාණ වලින් ගොඩක් දුරස් විය.

පසුකාලීනව විද්‍යා නිර්මාණ වලට වඩා මා විසින් සමාජය සුවපත් ක් කිරීම සඳහා කළයුතු කාර්යයක් ඇතැයි වැටහිණි විද්‍යා නිර්මාණ මගෙන් ගොඩක් දුරස් විය. “එක නම් පරම්පරාවෙන් ලේවලින් එන දෙයක්ද කොහෙද… “😂

මාගේ මිත්‍රයා උසස් පෙළ හොඳින් සමත් වී මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් ලබා ගන්නා ලදී ඔහු පසුකාලීනව ලංකාවේ ගුවන් හමුදාව වෙනුවෙන් හා සිවිල් සමාජය වෙනුවෙන් නිර්මාණය කරන ලද UAV ඩ්‍රෝන යාත්‍රා වැඩසටහනේ නියමුවාණන් විය කොරෝනා සමයේ වෛද්‍ය ක්ෂේත්‍රයට විවිධ නව නිර්මාණය දායක කරන ලදී අදටත් ඔහු විවිධ නව නිපැයුම් කරමින් සිටී. තවද ඔහුගේම විද්‍යාගාරයක් නිර්මානය කර ඇත අනාගතයේ දිනෙක ඔහු ඉංජිනේරු ක්ෂේත්‍රයේ නව නිපයුම් තුළින් තව තවත් ඉදිරියට යනු ඇතැයි මම සිතමි.

මා දේශපාලන විද්‍යාව ඉගෙනීම සදහා රුසියාව ට ගිය අතර ශිෂය සංගමි සමාජ කටයුතු වලට මූලිකත්වය දෙමින් කුඩාකල සිහිනයකින් ඈත් විය. නමුත් එහිදීත් නව නිර්මාන නොකෙරුනාම නෙවේ.

රුසියාවේ දී මා විසින් ප්‍රතම සිංහල රුසියානු විද්‍යුත් ශබ්ද කෝශය නිර්මානය කරන ලදි.

තවද රුසියාවේදී මා විසින් නව අදහසක් ලෙස විශ්වවිද්‍යාලයයේ නේවාසිකාගාරය සදහා “smart dormitory” නූතන තාක්ශනයෙන් සපිරි ස්මාර්ට් නේවාසිකාගාරය හදුන්වා දෙන ලදි. මෙහිදී මා ගේ කාමරය තුල ඇති සියලුම විදුලි උපකරන විදුලි පහන් මා ගේ දුරකතනයෙන් පාලනය කල හැකිය (මෙය යුරෝපයේ ප්‍රචලිතය) තවද උදාහරණයක් ලෙස මෙම සතියේ විශ්වවිද්‍යාලයයන් මා හට මාගේ කාල සටහන එවූ විට එය ස්වයංක්‍රීයව මාගේ කාමරයේ ඇති සිස්ටම් එකේ පිහිටන අතර එමගින් උදැසන විශ්වවිද්‍යාලයට යාමට මා අවදිවියුතු වෙලාව දැන්විම මා අවදි කිරීම කේතලය රත්කිරීම මේ සියල්ල ස්වයංක්‍රීයව සිදුකරනු ලබයි මා කාමරයෙන් පිටවන විටදී ද සියල්ල නිවා දමන්නේ ස්වයංක්‍රීයව ය. අවශ්‍ය නම් කාමරයේම සිට cloud තාක්ශනය හරහා ගුරුවරයා හා සම්බන්ද වී අධ්‍යාපනය ලැබිය හැකිය , මාගේ අදහස හා ව්‍යාපෘතිය රුසියාවේ නව නිර්මාන තරගයකින් ජය ගත් අතර මෙය නිර්මාණය කිරීමට මට රූබල් 50,000 මුදලක් පිරිනමන ලදි. එහිදී මාගේ නේවාසික කාමරය එලෙස මා නිර්මාණය කරන ලදි,

පසුව අපගේ විශ්වවිද්‍යාලයයන් මාහට ආරාධනා කෙරැනේ අපගේ නව නේවාසිකාගාරයේ මහල් දෙකක් මෙලෙස නිර්මාණය කර දෙන ලෙසය. නමුත් අවාසනාවකට රුසියාවේ නීතිය එයට හරස් විය (safety regulations) “prototype” මුලාකෘතියක් ලෙස නිර්මානය කරන ලද මාගේ කාමරය මට තබා ගැනීමට අවසර දෙන ලදි.

අදටත් ලංකාවේ සිට මාගේ රුසියාවේ නේවාසික කාමරයේ සියලුම පාලන කටයුතු සිදුකල හැකිය
මෙය මහා තාක්ශනයක් ද නොවේ, ලාංකික තරුණයාද මෙය ඉක්මනින් අත්පත්කරගත යුතුය.

කොහොම උනත් දැන් ඉතින් මට රට වෙනුවෙන් කරන්න ලොකු දෙයක් තියෙනවා ඒ වෙනුවෙන් මං කැපවෙනවා කවදහරි දවසක මගේ යුතුකම් ඉටු කරල අනාගතයේදී දවසක රටට හොඳ මාර්ගයක් හදල මේ අහින්සක මිනිස්සු ටික ගොඩ දැම්මට පස්සේ නිදහස් විවේකයක් හම්බ වුනොත් හා එවැනි දවසකට මම ජීවත් වෙලා හිටියොත්. අනිවාර්යෙන්ම එනවා උඹේ විද්‍යාගාරයට ඒ කාලේ වගේ අලුතෙන් හිතන්න , වයර් ටිකක් අමුණලා අලුත් දෙයක් හදන්න ලෝකෙට…….ස්තුතියි මචං ඒ කාලේ මතක් කලාට.

උවිඳු විජේවීර

Facebook Comments