free hit counter

” වර්ගය” වෙනස් කළ 43,000ක් බ්‍රසීල දේශපාලකයෝ

පසුගිය වසරේ බ්‍රසීලයේ දේශපාලනඥයන් 43,400 කට වැඩි පිරිසක් මැතිවරණය හේතුවෙන් තම “වර්ගය” වෙනස් කර තිබේ.

2014 සිට බ්‍රසීලයට මැතිවරණ අපේක්ෂකයින්ට ඔවුන්ගේ “වර්ගය ” ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය වී ඇත්තේ “කළු,” “සුදු,” “දුඹුරු,” “කහ” සහ “ආදිවාසීන්” අතරින් තෝරා ගැනීමෙනි.

ප්‍රකාශයට පත් කරන ලද දත්ත පිළිබඳ විශ්ලේෂණයකින් පෙනී යන්නේ පෙර මැතිවරණයකදී ඉදිරිපත් වූ අපේක්ෂකයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකු තමන්ගේ වර්ගය මෙවර මැතිවරණයේදී වෙනස් කර ඇති බවයි.

බ්‍රසීලියානු අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමඟ කළ සම්මුඛ සාකච්ඡා මගින් වාර්ගිකත්වය වෙනස්කිරීම සඳහා හේතු අනාවරණය වී තිබේ.සමහරු කියා සිටියේ නිලධාරීන් ඔවුන්ගේ අපේක්ෂක පෝරමය පුරවන විට වැරැද්දක් කර ඇති බවයි, සමහරු ඔවුන්ගේ පවුල් පසුබිම විවිධ වාර්ගික කණ්ඩායම් සඳහා හිමිකම් පෑමක් ලබා දුන් බවත් කීහ .

Facebook Comments