free hit counter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් මිලියන 29 ක් පෞද්ගලික ගිණුමක තැන්පත් කරලා

කෝප් කමිටු සභාපති චරිත හේරත් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් රුපියල් මිලියන 29 ක් ඩයමන්ඩ් චැනල් නම් ඇමරිකානු ගිණුමක තැන්පත් කර ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව 2020 පෙබරවාරි 20 වන දිනත් පසුව 2021 පෙබරවාරි 11 සහ 2021 අප්‍රේල් 06 දිනවලත් මුදල් ගණුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමර්ශනය කරන අවස්ථාවේදී ඔවුන් පැහැදිළි ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට ද අපොහොසත් වූ බව ද ඔහු කියා සිටියේය.

මහාචාර්ය හේරත් ප්‍රකාශ කළේ එවැනි ඉහළ පෙළේ ආයතනයක් අපේක්ෂා කරන මූලික මූල්‍ය විනය පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොමැති බවයි.

2018 ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟමාලාවේ විකාශන ආදායම තුන්වන පාර්ශවක් වන ඇමරිකානු සමාගමට අයත් ගිණුමක තැන්පත් කලේ කෙසේද? යන්න අභිරහසක් නොව වංචනික කටයුත්තක් විය හැකි බවට ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු දැරු ඕනෑම අයෙකුට කිසිඳු අවසරයකින් තොරව මුදල් ලබාගන වියදම් කළ හැකි ආකාරයට පරිපාලන කටයුතු සිදුව ඇති බව ද මාහාචාර්ය චරිත හේරත් අනාවරණය කරයි.

Facebook Comments