free hit counter

ලංකාවේ ඇමති මණ්ඩලයටම ආදර්ශයක් වෙමින් විමල් වීරවංශ කළ සුපිරි වැඩේ

අද (10) දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ Made in Sri Lanka වෙළඳ ප්‍රදර්ශනය විවෘත කර නැවත කොළඹ බලා පැමිණෙන අතර දඹදෙනියේ පිහිටි මෙම ආදර්ශවත් දේශීය ආහාර අලෙවිසැල මාගේ විශේෂ අවධානයට යොමු විය.

නොම්බර 273, අතුරුවෙල, දඹදෙණිය යන ස්ථානයේ පිහිටි “තුන්හෙළ රසහල” නම් දේශිය ආහාර අලෙවිසැල විශේෂ වන්නේ දේශීය සහල් වර්ග, දේශිය රසකැවිලි, දේශීය තේ වර්ග, දේශීය ඖෂධීය පානයන්ගෙන් සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන වලින් සමන්විත ආදර්ශවත් අළෙවිසැලක් වීම නිසායි. මෙම “තුන්හෙළ රසහල” අලෙවිසැලේ මීලඟ අරමුණ දිවයින පුරා ඔවුන්ගේ අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කිරීමයි.

දේශීය ව්‍යාවසායකයන් වශයෙන් ඔවුන්ගේ අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කිරීමේ අභියෝගයට නොබියව මුහුණදීමට සූදානම් ඔවුන්ව උපරිමයෙන් දිරි ගන්වා ඒමටද අපි අමතක නොකළ අතර ඔබෙන්ද ඉල්ලා සිටින්නේ හැකි හැම අවස්ථාවේදීම දේශීය නිෂ්පාදකයා දිරිගැන්විය හැකි මෙවන් ආදර්ශවත් අලෙවිසැල් වලට ගොඩ වී යන ලෙසයි.

විමල් විරවංශ

May be an image of food and indoor

May be an image of fruit

 

 

Facebook Comments