free hit counter

ආණ්ඩුව සම්මත කරන පනත මගින් කොළඹ වරාය නගරය වෙනම රටක් වෙයි

පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන පනත් 25ක් වරාය නගරය තුළ බල රහිත බවත්, වරාය නගරය යනු වෙනම ෆෙඩරල් ප්‍රාන්තයක් වැනි ප්‍රදේශයක් බවත් එයට අදාළව පාර්ලිමේන්තුවට මුදල් බලය හෝ නොමැති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

රජයේ මුදල් පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව,මුදල් මණ්ඩලය හා මුදල් අමාත්‍යාංශය යන රටේ මුදල් පාලනය කරන ප්‍රධාන ආයතන තුනටම වරාය නගරයේ අධ්‍යක්ෂ මණ්ඩලය යටත් නොවන බව නැති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව පැහැදිලි වන්නේ වරාය නගරය පාලනය කරන කණ්ඩායමට අවශ්‍ය පරිදි කටයුතු කරගැනීමට රජය අවසර දී තිබෙන බව යැයි ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා ඒ හරහා මෙහි කරුණු කාරණා රටට හෙළිකරන බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.

Facebook Comments