free hit counter

ජනාධිපති මරන්න ආ අංක RB 317217 / VJ දරණ ඉන්දීය රෝ ඔත්තුකරු

2018 සැප්තැම්බර් මාසයේදී මරියසෙල් තෝමස් නමැති ඉන්දියානු ජාතිකයෙක් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට පැමිණි බව පවසා අඩංගුවට ගත්තේය. ඔහු අත්අඩංගුවට ගැනීම සිදුවූ වහාම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මාසික රෝගියෙකු බව දන්වා සිටියේය. ඉන්දීය ජාතිකයා 2019 පෙබරාවාරි 27 වෙනිදා මුදා හැරිය අතර ඉන්පසු ඔහුට සිදු වූයේ කුමක් ද යන්න අභිරහසකි.

2018 ඔක්තෝබර් 22 වනදා පාර්ලිමේන්තුව අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ප්‍රකාශ කර සිටියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ භාරයේ සිටින ඉන්දීය ජාතිකයා ඉන්දීය රෝ ඔත්තු සේවයේ නියෝජිතයෙකුද යන්න පිළිබඳව ඉන්දීය රජය පැහැදිලි කිරීමක් කළ යුතු බවයි.

එසේම එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට් රැස්වීමකදී සඳහන් කර තිබුණේ “මාව මරා දැමීමට උත්සාහ කරන ඉන්දියානු ජාතිකයා රෝ නියෝජිතයෙකු විය යුතු බවයි.”

මෙයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ එම වාර්තා මුළුමනින්ම පදනම් විරහිත සහ අසත්‍ය බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ යනුවෙනි.

මේ අතර,ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාධ්‍ය මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, ප්‍රශ්නගත ඉන්දීය ජාතිකයා දෙවරක් තම නිවසට පැමිණ ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ මෙම පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවේ දී භාවිතා කරන නම ඔහු රෝ සංවිධානයේ දරන නම නොවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දිගින් දිගටම කියා සිටියේ එම පුද්ගලයාගේ නම රාජේන්ද්‍ර කුමාර් බවත් ඔහුගේ රෝ ඔත්තු සේවයේ හඳුනාගැනීමේ අංකය (RB 317217 / VJ) බවත්ය, ඔහු 2015 ජනාධිපතිවරණයට පෙර ප්‍රථම වරට මෙරටට පැමිණියේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙකු ලෙස බවත්, එතැන් සිට ඔත්තුකරුවෙකු ලෙස සේවය කරන බවත් වීරවංශ පැවසීය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාට සිදු වූයේ කුමක්ද ඔහු සත්‍ය ලෙසම මානසික රෝගියෙක් ද ඔහු පාස්කු ප්‍රහාරයට පෙර පැමිණි ඒජන්තයෙක්ද ? ඇමති විමල් වීරවංශ විසින් සිදුකර ඇති ප්‍රකාශය අදට වලංගු නැතිද මෙම පුද්ගලයා සත්‍ය වශයෙන්ම හෙළිකර ගැනීම අපරාධ රාශියක සුල මුළ විසඳා ගැනීම සඳහා වැදගත් වනු ඇතිබව පැහැදිළිය.

Facebook Comments