free hit counter

ලෝක විවාහක රූ රැජිණ තරඟයේ නීති වෙනස් කරන කැරොලයින් ජුරි ගේ කැරැල්ල

සාධාරණ විනිශ්චයකින් තොරව බොහෝ ලාංකිකයන් කරෝලයි ජූරි වරදකාරියක කර තිබේ. නමුත් ජූරි නොසැලී සත්‍ය වෙනුවෙන් පෙනී සිටී, සමාව ගැනීම ප්‍රත්ක්ෂේප කරයි. නීතිය ඉදිරියේ සාධාරණත්වය බලාපොරොත්තුවේ, ඇය පවසන්නේ විවාහක රූ රැජිණ තරඟයේ තිබියයුතු අරමුණ අප අවබෝධ කරගත යුතු බවයි. කැරොලයින් ජූරි සියලු මිනිසුන්ට එරෙහිව තනිව සිදු කළ ක්‍රියාව පිටුපස කුමන අරමුණක් තිබුණද ලෝක විවාහක රූ රැජිණ තරඟ කමිටුවට මෙහි යම් පණිවුඩයක් තිබේ එනම් ලෝක විවාහක රූ රැජිණ තරඟයේ සැබෑ අරමුණ කුමක්දැයි විමර්ශනාත්මකව සොයා බලා එහි නීති රාමුව ප්‍රතිසංස්කරණය කළ යුතුද යන්න පිළිබඳ වීමසා බැලිය යුතුය යන්නයි.

මේ ඒ පිළිබඳ කැරොලයින් ජූරි දැක් වූ අදහසකි,

මගේ ක්‍රියාකලාපයේ අභිමතාර්ථ සහ අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීමක් මා දකින ආකාරයට ලෝක විවාහක රූ රැජිණ යනු යහපත් විවාහ ජීවිතයක් ගත කරමින්, කැපවෙමින් සහ වගකීම් දරමින් තමතමන්ගේ සිහින ජයගන්නා විවාහක කාන්තාවන්ගේ සැමරුමක්.

ලෝක විවාහක රූ රැජින තරඟය නිර්මාණය කර තිබෙන්නේ වෙන්වී ජිවත්වන හෝ දික්කසාද කාන්තාවන්ට අගෞරව කිරීමට නොවේ විවාහක ජිවිතයේ ඉන්නට තීරණය කළ කාන්තාවන්ගේ සිහින සැමරීමට සහ අගය කිරීමට බව මට තහවුරු කළ හැකියි.

විවාහක අවිවාහක කාන්තාවන් ඇත්තටම රැජිණියන්.සෑම රැජිණීයකටම තමන්ටම කියා වෙන්වූ විවධ ආකාරයේ වේදිකාවන් තිබෙනවා. මගේ වගකීම විවාහක කාන්තාවන්ට මෙම තරඟයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය ශක්තිය සැපයීමයි.

Facebook Comments