free hit counter

කැස්බෑ සංරක්ෂණය බිල්ලට තියා වැලිගම වෙරළේ සුපිරි මහල් නිවාස සංකීරණයක් හදන්න අනුමැතිය

ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් යොදවා දකුණු වැලිගම වෙරළ තීරයේ තට්ටු 08 ක මහල් නිවාස සංකීරණයක් ඉදිකිරිම සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක්, මහජන අදහස් සඳහා විවෘත කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මේ සතියේ කටයුතු කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරුවට අනුව “යෝජිත දකුණු වෙරළ වෙලිගම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ විශාල ව්‍යුහාත්මක, පාරිසරික හා සමාජීය බලපෑම් කිසිවක් නොමැති” බව පැවසේ.

නමුත් එය වෙරළ තීරයේ කැස්බෑවන්ගේ කැදැලි ස්ථාන ගැන අනතුරු අඟවන අතර වෙරළ තීරයේ බිත්තර දැමූ කැස්බෑවන් ආරක්ෂා කිරීම සඳහා පියවරයන් ඇතුළත් කිරීමට ව්‍යාපෘති යෝජකයාට නිර්දේශ කරයි.

මෙම වෙරළ තීරය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවන්ගේ අභිජනන මධ්‍යස්ථානයක් ලෙසයි. “කැස්බෑවන් කැදැලි භූමිය සංරක්ෂණය කිරීම සාර්ථක අභිජනනය සහ විශේෂයේ අඛණ්ඩ පැවැත්ම සඳහා ඉතා වැදගත් වේ.

එහෙයින් පූර්ව උපායන් අනුගමනය කරමින් කැස්බෑවන් ආරක්ෂා කිරීම සඳහා පියවරයන් අනුගමනය කරන අතරතුර ඉදිකිරීම් කටයුතු හා සේවා පැවැත්වීම සිදු කරන ලෙස පාරිසරික බලපෑම් වාර්ථාව කියා සිටී.

එමෙන්ම ව්‍යාපෘතියට අයත් සියලු සේවකයන්ට කැස්බෑවන් පිළිබඳ නිසි අධ්‍යාපන වැඩසටහනක් ද ව්‍යාපෘතිය යෝජනා කර සිටි.

වෙලිගම සංචාරක කලාපයේ කොළඹ-මාතර පාරට යාබදව සවුත් බීච් වැලිගම ප්‍රොපටීස් (පුද්ගලික) ව්‍යාපෘති යෝජකයා සතු පෞද්ගලික ඉඩමක මෙම සංවර්ධනය සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය මේ වන විට සැලසුම් කර ඇති අතර එහි ඉදිකිරීම් 2021 ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර එය 2023 අප්‍රේල් වන විට අවසන් කිරීමට නියමිතය.

Facebook Comments