free hit counter

මියන්මාර ජුන්ටාව දරුවන් 48 ක් ඝාතනය කරයි.

මියන්මාරයේ අගනුවර යැන්ගුන් ආසන්න බාගෝ හිදී හමුදා පාලනය විසින් 80 වැඩි පිරිසක්  ඝාතනය කර තිබෙනවා.

ඇසින් දුටු වර්තාකරුවන් පවසන්නේ ඔවුන් සෙවණැල්ලටත් වෙඩි තබන්නට පසුබට නොවන බවයි.

හමුදා පාලනයට විරුද්ධ විරෝධතා සිදු කරන පිරිසට වෙඩි තබා මියගිය මිනිසුන්ගේ සිරුරු හමුදාව විසින් රැගෙන යන අතර මේ හේතුවෙන් මියගිය ගණන නිශ්චිතව ගණනය කර ගැනීමටද නොහැකි වී තිබෙනවා.

ඉදිරියට එන කවෙරෙකුට වුවද වෙඩි තබන්නට ඔවුන් පසුබට නොවන බව සිද්ධිය පිලිබඳ ඇසින් දුටුවන් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් සිද්ධිය සමඟ ගම්වාසින් බොහෝ දෙනෙක් ආසන්න ගම් වෙත පලා යන බවත්,වෙඩි තැබීම වෙනුවෙන් බර අවි භාවිතා කරන්නට ද පෙළඹී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා දක්වා තිබුණා.

පසුගිය මාස දෙකක කාලය තුළ 600 ට වැඩි පිරිසක් ඝාතනය වූ අතර මිලිටරි ජුන්ටාව විරෝධතා කරුවන් හදුන්වන්නේ ඔවුන්ට එරෙහි කැරලිකරුවන් ලෙස යි.කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත මියන්මාර එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා සැල කර සිටියේ වහාම මියන්මාරයට එරෙහිව සම්බාධක පැනවීමටත්,හමුදා ඝාතන වලට එරෙහිව ක්‍රියාමාර්ග ආරම්භයට පියවර ගන්නා ලෙස යි.

අත්අඩංගුවට ගත පුද්ගලයින් 19 දෙනෙක් හමුදා නීතිය යටතේ මරණ දඩුවම ලබා දීමද මේ වනවිට සිදුකර තිබෙනවා.ජුන්ටා පාලනයේ ප්‍රකාශක “බ්‍රිගේඩියර් ජෙනරාල් සෝ මින් ටන් ” මාධ්‍ය පහමුවක් පවත්වමින් කියා සිටියේ මියන්මාරය නැවත සාමාන්‍ය තත්වයට පත් වෙමින් තිබෙන බවත්,සියලුම රාජ්‍ය ආයතන සහ බැංකු කටයුතු ඉක්මනින් ආරම්භ කරන බවයි.

“ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හමුදා නිලධාරීන් වෙත සහාය දක්වන ලෙස යි”සෝ මින් ටන් “මෙහි දී වැඩිදුරත් දන්වා සිටියා.

දේශපාලන සිරකරුවන් උදෙසා වන සහයෝගිතා ක්‍රියාකාරී සංවිධානය ප්‍රකාශ කරන්නේ 2800 ට වැඩි පිරිසක් රදවා ගෙන සිටින බවත්,ඝාතන 614 වාර්තා වන අතර ඉන් 48 ක් කුඩා දරුවන් බවයි.

සමස්ත ලෝකයේම අවධානය මියනමාරය වෙත යොමු වන මොහොතක බෞද්ධ භික්ෂුන් කණ්ඩායමක් ද ජුන්ටාවේ ක්‍රියා මාර්ග වලට සහාය දල්වමින් ක්‍රියා කිරීම විමතිය දනවන්නක් බව මියාන්මර විදේශ තානාපතිවරුන් රාශියක් ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියා.

Facebook Comments