free hit counter

අජිත් නිවාඩ් කබ්රාල් රහසිහතව රජයේ මුදල් ඩොලර් මිලියන 6.5 ක් CIA ඒජන්තයෙකුට ගෙවලා

ශ්‍රී ලංකා රජය 2014 දී මහ බැංකුව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් CIA ඒජන්තයෙකුට වූ ඇමරිකානු ව්‍යාපාරිකයෙකුට ලංකාවේ ප්‍රතිරූපය නිවැරදි කිරීම සඳහා ගෙවා ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නලයේ විමර්ශන වාර්තාවක් හෙළි කරයි.

ව්‍යාපාරික ඉමාඩ් සුබෙරි දශකයකට වැඩි කාලයක් තිස්සේ එක්සත් ජනපද ඔත්තු ජාලය වන මධ්‍යම බුද්ධි ඒජන්සියේ ඒජන්තයෙකි. එක්සත් ජනපද උසාවියක් විසින් ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන් වෙනුවෙන් ඔහුට ලබා දුන් මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 5.6 ක් හෝ මුළු මුදලින් සියයට 87 ක් ඉමාඩ් සුබෙරි සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් වියදම් කර ඇති බව තීන්දු කළේය. ඒ අනුව එක්සත් ජනපද අධිකරණය සුබේරිට එරෙහිව වසර 12 ක් සිර දඬුවමක් ලබා දී තිබේ.

මෙම ගෙවීම් කෙතරම් රහසිගතව සිදු කර ඇත්ද යන්න පැහැදිළි වන්නේ කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව දැන නොසිටි බැවිනි. එකල අජිත් නිවාඩ් කබ්රාල් විසින් මෙහෙයවන ලද ශ්‍රී ලංකා මහ බැංකුව හරහා එම මුදල් ගෙවා තිබේ.

Facebook Comments