free hit counter

ජාතිවාදීන්ට පොහොට්ටුවේ ඉඩක් නෑ – විමල් පිළට පොහොට්ටුවෙන් පණිවිඩයක්

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතිවාදී පක්ෂයක් නෙමෙයි. සමහරු ජාතිවාදී ගොඩට අපිව ඇදගෙන යන්න හදනවා. අපි ජාතිවාදී පක්ෂයක් නොවන බව පැහැදිළිවම කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු ජාතීන් සමඟ වැඩ කරන පක්ෂයක්. සියලු ආගම් සමඟ එකතු වෙලා වැඩ කරන පක්ෂයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ පක්ෂයක්. එහි අපි ජාති, ආගම්, පක්ෂ බේද බලන්නේ නැහැ. ඔවුන් UNP ද , ශ්‍රී ලංකාද, පොහොට්ටුද කියල බලන්නේ නැහැ. අපි රටක් විදියට සියලු දෙනා වෙනුවෙන් රට දියුණු කරන්න, ආර්ථිකය සංවර්ධනය කරන්නයි බලන්නේ.

පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන ක්‍රමයක්. දැනට අහෝසි කරන්න විදියක් නැහැ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියලා ජනතාවගේ සර්ව ජන ඡන්දයට අයිතියක් ලබාදෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව අපිට කටයුතු කරන්න බැහැ. පළාත් සභා මැතිවරණය තියන එක ජනතාවගේ අයිතියක්. අපි කොට්ඨාස ක්‍රමය පළාත් සභාවට හඳුන්වා දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ කොට්ඨාස ක්‍රමය.

සමහර පක්ෂ පරණ ක්‍රමයට යමු කියනවා. කොට්ඨාසය තුළත් අපේක්ෂකයෝ තුන්දෙනෙක්, දෙදෙනෙක් දාන්න පුළුවන් වෙන්න ඕන. පක්ෂයට ඡන්දය දෙනවා. හැබැයි ඉල්ලන පුද්ගලයාට කැමති නැහැ. අකමැත්තෙන් මනාපය දෙනවා. එය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා. ඒ නිසා මේ ක්‍රමය තුළ නිදහසේ සුදුස්සන් තෝරන්න පුළුවන්. එම අයිතිය ජනතාවට ලැබෙනවා.

මේ සඳහාත් සමහර අය විරුද්ධ වෙනවා. රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට දෙද්දී විරුද්ධ වෙන්න බැහැ. තමන්ට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. කැමති අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන්. එක එක අය කෑගැහුවට ජනතාවට තියෙන අයිතියක් අපිට නැති කරන්න බැහැ.” යයි නිමල් ලංසා ඇමතිවරයා පවසනවා.

Facebook Comments