free hit counter

මීළඟ මියන්මාරය ලංකාවයි – දයාන් ජයතිලක

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නියෝජිත දයාන් ජයතිලක දැක්වූ අදහස…

මේ ආණ්ඩුවේ සංයුතිය තමයි “රෙජීම්” කියන්නේ,ආණ්ඩුව කියන්නේ වෙන එකක්, මෙතන පාලනය කරන්නේ යම්කිසි කණ්ඩායමක් නැත්නම් පාලක ස්ථරයක් තියනවා. එක බොහෝ දුරට හිටපු හමුදා නිළධාරීන්ගෙන් සමන්විත වෙලා තියනවා, විශේෂයෙන් වියත්මග සහ එළිය කියන සංවිධාන වල ක්‍රියාකරපු හමුදා නිළධාරීන්ගෙන්.ඔවුන්ට දේශපාලන දැනුමක් දැනුමක් නැහැ. මැතිවරණයක් ජයගත් පමණින් දේශපාලන දැනුමක් තියනවා කියලා කියන්න බැහැ.

ලෝකය ජිනීවා කොමිසමේ ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කළේ ඊළඟ මියන්මාරය ලෙස සලකල මේ පාලන ක්‍රමය ක්‍රියාකරන ආකාරය දිහා ඔවුන් බලා සිටියා, 20 වැනි සංශෝධනය හරහා බලතල එක්රැස් කරගන ඒකාධිපති බලයක් ගොඩනගා ගන්නා අතරේ හමුදා පාලනයක් පිළිබඳ ඉඟියක් දීම තමයි මේ යෝජනාවලට මූලික ලෙස බලපෑම් කළේ.

සරත් වීරසේකර මූලික කරගන තමයි වියත්මග කියන සංවිධානය හරහා ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ විදේශ ප්‍රතිපත්ති සකස්වුනේ, ඒ සඳහා ඔහුට අවබෝධයක් නොමැතිකම තමයි ජිනීවා යෝජනාව ගෙන එන දවස්වල බුර්කා තහනම කියලා ඔහු ගෙනාපු යෝජනාවෙන් හෙළිවුණේ. ජයනාත් කොළඹගේ වුනත් ක්‍රියාකරන්නේ රාජ්‍යතාන්ත්‍රික අවබෝධයකින් තොරව. ඔවුන් ජාත්‍යන්තර ප්‍රශ්න වලදී නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තරම් දැනුවත් නැහැ.

මේ තත්ත්වය විසින් මේ වෙනකොට ජිනීවා යෝජනාව හරහා වෙනත් රටක සිට ලංකාවේ ගැටළුවක් සම්බන්ධයෙන් නඩු පවරන්න පුළුවන් එපමණක් නෙවෙයි. ලංකාවෙන් පිට වෙනත් රටකදී තවත් රටක ලැබුණු නඩු තීන්දුව අනුව අත්අඩංගුවට ගන්නත් පුළුවන්. විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය නිවැරදිව නොකිරීම නිසා ඇතිවන ප්‍රථිපල වලට ලංකාවට නුදුරු අනාගතයේම මුහුණ දෙන්න සිදුවේවි.

Facebook Comments