free hit counter

ඉක්වදෝරය නව නායකයෙක් සොයයි

ජීවිත 17000 ක් කොවිඩ් 19 වසංගතයෙන් අහිමි ව, අගනුවර “කුඅයිටෝ”ඇතුළු රටේ පළාත් 24 න් 8 ක ම සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙන මොහොතක ඉක්වදෝරයේ ජනාධිපතිවරණ ජන්දය (අද) අප්‍රේල් 11 වනදා ආරම්භ උණා.
එසේම වසංගත යේ බලපෑමත් සමග පවතින දරුණු ආර්ථික පසු බැස්මේ උච්චස්ථානයේ සිටින ඉක්වදෝර ජනතාව තම නායකයා තෝරා ගැනීම ඉදිරි දශකයේ රටේ දිශානතිය පැහැදිලිවම තීරණය කරන්නක් බව පැහැදිලි යි.

හිටපු ජනාධිපති “රෆායල් කොරෙයා” ගේ රජයේ ඇමතිවරයෙක් වන වාමවාදී ආර්ථික නැඹුරුවක් සහිත 36 හැවිරිදි “අන්ද්රෙස් අරුස්” සහ දක්ෂිණාංශික නැබුරුවක් සහිත බැංකුකරුවෙකු සහ තෙවරක් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ 65 හැවිරිදි “ගුඉල්ලාර්මෝ ලැසෝ” අතර ප්‍රබල තරගයක් පවතින බව විචාරකයන්ගේ අදහස යි.
යම් හෙයකින් අරුස් ජනාධිපතිවරණ සටන ජයගත හොත් ඔහු එරාට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස පත්වනු ඇත.එසේම 2007-2017 කාලය තුළ බලය ඉසිලූ රෆායල් කොරෙයා මේ වනවිඅට බෙල්ජියමේ වාසය කරණ අතර ඔහුට විරුද්ධව වසර 8 ක සිර දඩුවමක් පනවා ඇත්තේ වංචා චෝදනා සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් දෙදෙනාගේම අවධානය යොමු වී ඇත්තේ සෞඛ්‍ය අංශ සම්බන්ධ කරුණු විධිමත් හා ශක්තිමත් කිරීම කෙරෙහි වීම විශේෂ වේ.

Facebook Comments