free hit counter

නිදහස් පක්ෂය ජයගත් ආණ්ඩුව හෙල්ලූ පඬුවස්නුවර සමුකාර මැතිවරණ ප්‍රථිපලය

ඊයේ පැවති පඬුවස්නුවර සමුකාර මැතිවරණයේ ජය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවීමත් සමග ආණ්ඩුව ඇතුළේ අලුත් අර්බුධයක් නිර්මාණය වෙමින් පවතී. පොහොට්ටුවේ අධිපති මතයට එරෙහිව ආණ්ඩුවේ සුළු පක්ෂ වල ඒකරාශී වීමක් දැකිය හැකි අවස්ථාවක මෙන්ම බැසිල් රාජපක්ෂට එරෙහිව පොහොට්ටුවේ අභ්‍යන්තර කැරැල්ලක් මතුවීමේ අවධානමක් ඇති මොහොතක පොහොට්ටුවේ මේ පරාජය බැසිල් රාජපක්ෂගේ සංවිධාන ශක්තිය පිළිබඳ ගුණ වැයූ බොහෝ දෙනාට මාරු පහරක් වී තිබේ.

හැම දෙයක්ම දන්නා බැසිල් මෙම පරාජය පිළිබඳ නොදැන සිටියේ කොහොමදැයි පොහොට්ටුවේ කණ්ඩායම් අතර සංවාදයක් නිර්මාණය වෙමින් පවතී. එක්කෝ බැසිල්ට අතපසුවීමක් සිදුවුනාද නැත්නම් පොහොට්ටුව ගම්මට්ටමේ පරාජය වෙමින් ශ්‍රීලනිපය ඉදිරියට එමින් තිබෙනවාද යන්න පිළිබඳ දෙගිඩියාවක් පොහොට්ටු කඳවුරේ නිර්මාණය වෙමින් පවතී.

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීන්ට මෙම පරාජය දරාගත නොහැකි වී තිබෙන්නේ දයාසිරි ජයසේකර නිදහස් පක්ෂ මහලේකම්ගේ බලකොටුවක් වන පඬුවස්නුවරදීම මේ පරාජය හිමිවීමයි.

බොහෝ දෙනෙකු පවසන්නේ මෙම ප්‍රතිපලය මගින් කියවෙන්නේ ආණ්ඩුවේ ගමන් මාර්ගය ජනතාව අනුමත නොකරන බවයි.

ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ විමල් වීරවංශට එරෙහිව පොහොට්ටුවෙන් එල්ලවන විරෝධය ගම් මට්ටමින් සිටින ආණ්ඩු හිතවාදීන් ප්‍රතික්ෂේප කරන බවට ද මෙම ප්‍රථිපලය අනාවැකියක් සේ සැලකිය හැක.

Facebook Comments