free hit counter

මැයි දිනය වෙනම සන්ධානයක් යටතේ තියන්න සාකච්ඡා කළා – විමල් වීරවංශ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැතිව මැයි දිනය සැමරීම සඳහා වෙනම දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට සාකච්ඡා සිදුව ඇති බව විමල් වීරවංශ ඇමතිවරයා අද ප්‍රකාශ කර සිටියේය.

එළඹෙන 19 වනදා අගමැතිවරයා ආණ්ඩුවේ පක්ෂ නායිකයින් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව පැවසු විමල් වීරවංශ ඇමතිවරයා බොහෝ විට මෙහිදී පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සාකච්ඡා කරනු ඇති බව නාවරණය කළේය. ඔහු ප්‍රකාශ කර සිටියේ පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ ආණ්ඩුවේ පක්ෂ අතර එකඟතාවයක් නැති බවයි.

එසේම සමහර විටෙක පොහොට්ටුවේ මැයි දින සැමරුම පිළිබඳ ආරාධනාවක් මෙහිදී ලැබිය හැකි බවත් විමල් කියා සිටියේය.

Facebook Comments