free hit counter

බංගලිදේශ කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක්

ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට අද (12) ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායමේ ආරක්‍ෂාව දැඩි කරන ලෙස දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටී.

‘ජෛව බුබුලක’ කටයුතු කළ ද ක්‍රීඩකයන් එම බුබුලෙන් පිටතට යෑමේ අවදානම හේතුවෙන් ආරක්‍ෂාව වැඩි කරන ලෙස ඉල්ලා තිබේ.

සාමාජිකයන් 40 කට අධික සංඛ්‍යාවකින් යුත් බංග්ලාදේශ කණ්ඩායම මීගමුවේ හෝටලයක නවාතැන් ගන්නා බවත් මේ මස 19 වැනිදා මහනුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

බංග්ලාදේශ සංචිතය වෙන්කළ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළට අද (12) ළගාවීමට නියමිතය.

Facebook Comments