free hit counter

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩකිඩ දැමු කොල්ලෝ අල්ලති

සමාජ මාධ්‍ය පුරා සංසරණය වීම හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇතිකළ ලා නිල්පැහැති මෝටර රථයේ හිමි කරු සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ඒ අනුව මෙම රථය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බව අනාවරණය වී ඇති අතර ඔහු පවසා ඇත්තේ තමන් එම රථය අකුරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති බවත්ය.

මෙම පුද්ගලයන් අද (12) දින පොලිසියට ගෙන ඒමටත් අදාළ පුද්ගලයන්ට නඩු පැවරීමටත් කටයුතු කරන බව පොලිසිය පවසයි.

Facebook Comments