free hit counter

ශ්‍රී ලංකාව, චීනය සමග ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව, චීනය සමග ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ගිවිසුමකට අත්සන් තබයි. ගිවිසුමට බෙයිජිංහි දී අද (12) අත්සන් තැබිණ.ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඊට අත්සන් තැබීය.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සවිමත් කිරීම සඳහා චීන රජයේ මෙම මුල්‍ය සහය මනා පිටිවහලක් වනු ඇතැයි ආචාර්ය පාලිත කොහොන මහතා මෙහිදී පැවසීය.එමෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය සවමත් කිරීමටත් රැපියල ශක්තිමත් කිරීමටත් එය හේතු වනු ඇත.විශ්වාසවන්ත මිතුරෙකු ලෙස චීනය සෑම දුෂ්කර අවස්ථාවකම ශ්‍රී ලංකාවට සහය ලබාදී ඇතැයි ද තානාපතිවරයා සදහන් කළේය.වෙළදාම, ආයෝජන, සංචාරක, අධ්‍යාපන හා ක්‍රීඩා වැනි සියලු ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සදහා ඔහු චීනයට ආරාධනා කරයි.

ඇමරිකානු ඩොලර් මිලියන 500ක මෙම ණය මුදල චීනය විසින් පසුගිය වසරේ ලබාදුන් ඩොලර් බිලියනයේ ණය මුදලේ දෙවන වාරිකයයි.

 

No photo description available.

Facebook Comments