free hit counter

අජිත් නිවාඩ් කබ්රාල් අත්අඩංගුවට ගන්න ඉල්ලීමක්

මොහොමඩ් සුබෙයිරි නම් ඇමරිකානු CIA ඒජන්තයෙකුට ඩොලර් මිලියන 6.5 ක් ගෙවා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවත්, ඔහු ඇමරිකානු අධිකරණයක් මගින් වැරදි කරුවෙකු කර ඇති බවත් අනාවරණය වුණා.

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසන්නේ මේ සම්බන්ධයෙන් ඇමරිකානු අහිකරණය මගින් මොහොමඩ් සුබෙයිරිට දඬුවම් කළා නම් ලංකාවේ මේ සම්බන්ධ කටයුතු කළ පුද්ගලයන්ද අත්අඩංගුවට ගත යුතු බවයි,

සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ මෙම මුදල පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව එවකට මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් බහමනුක්ව හරහා ගෙවීමට කටයුතු කර අතිඕ බවයි.

කෙසේ වෙතත් මෙම ලබා දුන් මුදල මොහොමඩ් සුබෙයිරි අවභාවිතා කර ඇති බව ඇමරිකානු අධිකරණයේදී හෙළිදරව් වුණා.

Facebook Comments