free hit counter

රාජපක්ෂ පවුලට යන පොහොට්ටුවේ මහ ඇමතිකම්

එළඹෙන පළාත් සභා මැතිවරණය පිලිබඳ මේ වනවිට දේශපාලන ලෝකය තුළ නැවුම් බලාපොරොත්තු ඇතිවී තිබේ. ඒ අනුව මිශ්‍ර ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කෙරෙන අතර ඒ සඳහා තවමත් ආණ්ඩුවේ පක්ෂ අතර එකඟතාවයක් නොමැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර ඇති පළාත් සභා මැතිවරණ යෝජනාවට අනුව කොට්ඨාස ක්‍රමය යටතේ එක පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කර ජයග්‍රහාකයාට මැතිවරණය ජයගැනීමේ අවස්ථාව හිමිවේ. නමුත් ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ කියා සිටින්නේ මෙමගින් තමන්ගේ නියෝජනය අඩුවිය හැකි බවයි.

කෙසේ නමුත් මැතිවරණ ක්‍රමයට කුමක් වුවද පොහොට්ටුවේ මහ ඇමති අපේක්ෂකත්වයට රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඉදිරිපත්වන බව සමීප ආරංචිමාර්ග පෙන්වා දෙනවා.

ඒ අනුව රෝහිත රාජපක්ෂ වයඹ පළාත් සභාවටත්, පුෂ්පා රාජපක්ෂ බස්නාහිර පළාත් සභාවටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක දකුණු පළාත් සභාවටත්, හිටපු ඌව පළාත් සභා මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් සභාවටත් තරඟ වැදීමට නියමිත බවත් සඳහන් වෙනවා, යම් උපක්‍රමික වෙනස්කම් සිදු නොවුනහොත් හැර මෙම කණ්ඩායම බොහෝවිට මී ළඟ පළාත් සභාවට ඉදිරිපත් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Facebook Comments