free hit counter

දරුවන්ට ජංගම දුරකථන තහනමක්

බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් ගාවින් විලියම්සන් පවසන්නේ දරුවන්ට පාසල් කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කළ යුතු බවයි. වසංගතය හේතුවෙන් රට ‘ලොක්ඩවුන්’ කළ කාලය තුළ ජංගම දුරකතන භාවිතය සිසුන්ගේ හැසිරීම’ කෙරෙහි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව ඔහු පවසනවා.

”පාසල් දිනයෙහි ළමුන් ජංගම දුරකතන භාවිත කිරීමෙන් හෝ අඩුතරමින් එය දැකීමෙන් පවා ඈත්කොට තැබිය යුතුයි ” ඔහු පවසනවා.”

ජංගම දුරකථනය දරුවන්ගේ සෞඛ්‍ය ක්‍රියාකාරකම් අවම කිරීමට හේතුවක් වී ඇති බවත්, දරුවන් ක්‍රීඩාවලින් සම්පූරණයෙන්ම දුරස්ථ වී ඇති බවත් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

මේ වසර අවසානයේ සිට පාසල් තුළ ජංගම දුරකථන භාවිතය නතර කිරීමට උපදෙස් දෙන බවද ඔහු සඳහන් කර සිටිනවා.

Facebook Comments