free hit counter

වරාය නගරය බලන්න චීන ආරක්ෂක ඇමති ලංකාවට

චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. බොහෝදුරට මෙරට අවුරුදු නිවාඩුවෙන් පසුව ඒ මහතා මෙරටට පැමිණෙනු ඇති බව සඳහන්.

එම සංචාරය තුළදී ජෙනරාල් වෙයි ෆෙන්ග් මහතා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ඉහළම නිලධාරීන් පිරිසක් හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව චීනයේ ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයකු මෙරටට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත.

දේශපාලන විචාරකයින් පවසන්නේ කොළඹ වරාය නගරයේ ආරක්ෂක සැලසුම් පිළිබඳ චීන ආරක්ෂක ඇමතිවරයා උනන්දුවනු ඇති බවයි.

Facebook Comments