free hit counter

රටම ආදරය කළ දොස්තර වසන්ත දිසානායකගේ මරණය ගැන සැකයක්

පසුගියදා මියගිය අපේක්ෂා පිළිකා රෝහලේ අධ්‍යක්ෂක දොස්තර වසන්ත දිසානායක මෙතරම් ඉක්මණින් මියයාම පිළිබඳ බොහෝ දෙනා විමතිය පළ කර සිටියා.

මාධ්‍ය මගින් දොස්තර වසන්ත රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බව පැවසුවත් නිශ්චිතව ඒ කෙසේදැයි කියා තිබුණේ නෑ.

දොස්තර වසන්ත දිසානායක හදවත් රෝගියෙක් එය ඔහුගේ පරම්පරාවෙන් පැමිණෙන රෝගයක් ලෙසත් කියන්න පුළුවන්. හදවත දුර්වල නිසාම හදිසි අවස්ථාවක ක්‍රියාතමක් වන යන්ත්‍රයක් දොස්තරගේ හදවතට සම්බන්ධ කරලා තිබුණා.

පසුගිය දින කිහිපයේම දොස්තර වසන්ත සිටියේ අසනීපයෙන් ඒ නිසා ඔහු ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළා, ඔහුගේ හදවත් ගැටලුවට අමතරව වකුගඩු රෝගයකිනුත් ඔහු පීඩා වින්දා, ටික දිනක් රෝහලේ ගත කිරීමෙන් අනතුරුව ඔහු සුව අතට හැරි තිබෙනවා.

ඒ අනුව දොස්තර වසන්ත ඉදිරි කටයුතු සඳහා සූදානම් වෙමින් සිට තිබේ.

නමුත් එක වරම ඔහුගේ රුධිර පීඩනය අඩුවීමට පටන්ගන ඇති අතර, පැය කිහිපයක් සටනකින් පසු දොස්තර වසන්ත මෙළොව හැර ගියේය.

මෙම මරණය සැකසහිත වන්නේ පවුලේ සමීපතමයන් පෙන්වා දෙන ආකාරයට, දොස්තර වසන්ත යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටීමයි, ඒ අනුව හදවත් රෝගයට සම්බන්ධ ඔහුගේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට යාමේදී වෛද්‍යවරුන් අතින් සිදුවූ යම් අත්වැරැද්දක් හේතුවෙන් මෙම මරණය වන්නට ඇති බවත් රුධිර පීඩනය අඩුවීමට හා හදවත අක්‍රිය වීමට එය බලපාන්නට ඇති බව ඔවුන් පවසනවා.

Facebook Comments