free hit counter

මහින්දගෙන් පසු අපි නෑ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පසුගියදා නාරාහේන්පිට අභයාරාමයේදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටියේ ආණ්ඩුවේ ඡන්ද පදනම බිඳ වැටී ඇති බවත් හිට්ලර් පන්නයේ පාලනයන් ජනතාව ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කර සිටියහ. මේ උන්වහසේ දැක්වූ අදහස;

“මොන පැත්තෙන්වත් හිතන්නෑ ගෝඨාභය මහත්තයා හිට්ලර් කෙනෙක් වෙයි කියන එක නම්, අපි හිතන්නෙ නැහැ. 77 හිට්ලර්ලාට විරුද්ධව සටන් කරපු පිරිසක් රාජපක්ෂලා කියන්නෙ. එවැනි ඇමතිවරුන් මං දන්නෑ මොන මතයක් ඇරන් කියනවාද, ලකුණු දාගන්න කියනවාද, එහෙම නැත්නම් රට විනාශ කරන්න කියනවාද අපි දන්නෑ. ඇත්ත වශයෙන්ම හෙළාදකිනවා ඒක. මොකද මේක මේ බුදුන් තුන්වරක් වැඩි රට මේක. අපේ ධර්ම ආභාෂය කරුණාව පදනම් කරගෙන තිබෙන්නෙ. ඉතිං මේ කාටවත් පුරසාරම් දොඩන්න පුළුවන්කමක් නෑ ඡන්ද 69 ලක්ෂයක් අරගත්තෙ අපි නිසා කියන එක කියන්න බෑ කාටවත්.

ඒ එක්කම කට ඇරලා බය නැතුව කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසවන්තකම උඩ තමයි 69 ලක්ෂයක් ඡන්ද හම්බුණේ. ජනාධිපතිවරණයෙන් ඡන්ද පන් ලක්ෂයයි වැඩිවෙලා තිබුණෙ. නමුත් අද ඒ පන් ලක්ෂය හොඳටම නැතිවෙලා ගිහිල්ලා තිබෙනවා. එනිසා ජනතාව 69 ලක්ෂයක් ඡන්දය පාවිච්චි කරලා මේ යම්කිසි කෙනෙක් කියනවා නම් හිට්ලර් වාගෙ පාලනයක් ගේන්න කියලා මං හිතනවා ඔවුන්ට වැඩිකල් නොගිහිල්ලා අපේ ජනතාව පිළිතුරු දෙනවා. ඒක වෙයි කියලා විශ්වාසයි. අද කියනවා සමහරු අපි ළඟට ඇවිල්ලා මහින්ද මහත්තයාගෙන් පස්සේ අපි කොතනද කියලා හොයන්න බැරිවෙයි කියලා”

Facebook Comments