free hit counter

විවාහ රූ රැජිණට පොලීසියෙන් අයුතු මැදිහත්වීමක්

විවාහක රූ රැජින තරගයේ තිබූ මතභේදාත්මක තත්ත්වය මත පැවැති මාධ්‍ය හමුව සම්බන්ධීකරණය කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු බව හෙළිදරව් වී තිබේ.

ඒ අනුව මෙවැනි තරඟවල මාධ්‍ය සම්බන්ධීකරණ හා ආරක්ෂාව සපයන බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් කොළඹ දකුණු කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සිසිර පෙන්තතන්ත්‍රී ගේ නියෝගය මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

චෝදනාවට ලක්වන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති හෙයින් මෙම විමර්ශනය ආරම්භ කළ බව වාර්තා වේ.

පොලිස් බලය භාවිත කරමින් කාන්තාවන් අපහසුතාවට පත්කිරීම් ඇතුළු සිදුවීම්වලට මීට පෙරද මෙම පොලිස් නිළධාරියා චෝදනාවට ලක්වී තිබේ.

Facebook Comments