free hit counter

සයින්දමරුදු හි මළ සිරුරක්

අම්පාර සයින්දමරුදු හි වෙළඳසැලක ආරක්ෂක භටයෙකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ.බැංකුවක් අසල ඇති වෙළඳසැලක පිරිමි මළ සිරුරක් දැක ඇති බවට ඊයේ රාත්‍රියේ පොලිසියට දැනුම් දී තිබේ.

මෘත ශරීරය වයස අවුරුදු 65-70 අතර පුද්ගලයෙකුගේ මළ සිරුරක් බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ස්වාභාවික හේතූන් මත මිය ගියේද නැතහොත් ඔහු ඝාතනය කර ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කල්මුණේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Facebook Comments