free hit counter

Johnson & Johnson එන්නත ලබා දීම නතර කිරීමට ඇමරිකාව හා දකුණු අප්‍රිකාව තීරණය කරයි.

ඊයේ (13) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා රෝග පාලන හා වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය සහ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය, Johnson & Johnson එන්නත ලබා දීම නතර කරන බව ප්‍රකාශ කළේය. එම එන්නත ලබා ගැනීමේන් පසු ඇමරිකාවේ පුද්ගලයන් හය දෙනෙකුට බරපතල රුධිර කැටි ගැසීමේ තත්ත්වයක් මතු වීම හේතුවෙන් එම එන්නත ලබා දීමේ කටයුතු නතර කිරීමට අදාළ ආයතන විසින් තීරණය කර තිබේ. ඇමරිකා රෝග පාලන හා වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත අනුව, පසුගිය 12 වනදා වනවිට ඇමරිකාවේ Johnson & Johnson එන්නත් ‍ල‍බා ගෙන ඇති සංඛ්‍යාව මිලියන 6.8කට අධිකය.

එමෙන්ම,ඊයේ (13) දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඇමරිකාව Johnson & Johnson එන්නත් ලබා දීමේ කටයුතු නතර කිරීම පිළිබඳව සලකා දකුණු අප්‍රිකාව ද එම එන්නත් ලබා දීම නතර කරන බවයි.

Johnson & Johnson එන්නත් ඇමරිකාවේ Johnson & Johnson සමාගමේ Janssen ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදන කෙරේ. පසුගිය පෙබරවාරි මස 27 වනදා එම එන්නත් ඇමරිකාව තුළ හදිසි අවස්ථාවේදී භාවිත කිරීම පිළිබඳ අනුමැතිය ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියෙන් ලබා ගෙන ඇත. එය මාත්‍රා එකක් පමණ ලබා දෙන එන්නත් වර්ගයකි.

Facebook Comments