free hit counter

ජනාධිපති මාධ්‍ය අංශය චීන බුද්ධි අංශ පාලනයට

2001 වසරේ දී චීන – ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ සංසදය නමින් ව්‍යාපාරයක් ලංකාවේ ආරම්භ විය. සුදේව මෙහි ආරම්භක සාමාජිකයෙකු විය. පසුව වසර ගණනාවක් එහි සභාපති ධූරය දැරුවේ ය. 2015 සිට ඔහු එහි නිත්‍ය භාණ්ඩාගාරිකයා වෙයි. සැබැවින්ම සුදේවට ස්වර්ණවාහිනියෙන් ලක්ෂ 35 ක වැ‍ටුපක් ලැබුනේ නැත. නමුත් චීනයෙන් එවැනි මුදලක් ලැබුණි. සුදේව හිරු නාලිකාවේ සිට ස්වර්ණවාහිණියට ගියේ චීන තානාපති කාර්යාලයෙන් ලැබුණ උපදෙස් අනුව ය. ස්වර්ණවාහිනිය චීනයට අනුකූල කිරීම එම ගමනේ අරමුණ විය.

සුදේව හිරු නාලිකාවේ සිටිය ද, ස්වර්ණවාහිනී නාලිකාවේ සිටිය ද, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක වුවද චීනයෙන් ඔහුට ලබා දෙන ගෙවීම එලෙසින්ම ලැබෙයි. නමුත් එය වැ‍ටුපක් නොව අල්ලසකි. චීන්නු මුලින්ම අල්ලස් දුන්නේ රජයේ ඉහල නිලධාරීන්ටය. ඊලඟට මුදල් අල්ලස් දී දේශපාලනඥයන් බා ගත්තේය. දේශපාලන පක්ෂ වලට අල්ලස් දුන්නේ ය. කලාකරුවන්ට අල්ලස් දුන්නේය. නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිඥයන් පිරිසක් ද මේ වන විට චීන අල්ලසට යට වී ඇත. ඊලඟ නීතිපතිවරයා ලෙස පත්වන්නට නියමිත වන්නේ චීන අල්ලසට යට වූවෙකි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ද චීනයට අනුගත වීම නොබෝ දිනකින්ම සිදුවනු ඇත. නායක ඝනයේ භික්ෂූන් වහන්සේලා රැසක්ම චීන අල්ලසට යට වී තිබේ. දැන් මාධ්‍ය ආයතන සියල්ලම පාහේ චීන අල්ලසට යට වී ඇත. පසුගිය වසරක දෙකක කාලය පුරා මාධ්‍යවේදීන් 2000 ක් පමණ චීන සංචාර වලට ගෙන්වා නම්මවාගෙන තිබේ. එකී මාධ්‍යවේදීන් චීනයට යැවීම සම්බන්ධීකරණය කරන්නේ ද සුදේව ය.

ඒ අනුව සුදේවට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ලැබුනේ චීන තානාපති කාර්යාලයේ බලපෑම නිසා මිස විශේෂ දක්ෂතාවයක් නිසා නොවේ. ඔහු සතු එකම දක්ෂතාවය චීන ගැත්තෙකු වීම පමණකි ය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් මොහාන් සමරනායක ඉවත් වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සුදේව පත්වීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වැනි තනතුරක් චීන බුද්ධි අංශ පාලනයට නතු වීම සෙල්ලමක් නොවේ. අද ලෝකයේ වටිනාම ආයුධය තොරතුරු ය. නමුත් ලංකාව එය සෙල්ලමකට ගෙන ඇත. මෙය අතෙකින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බරපතල තර්ජනයකි. තවත් අතකින් කලාපයේ සාමයට තර්ජනයකි.

– ලංකාඊනිවුස්

Facebook Comments