free hit counter

රංජන් රාමනායකට මාරාන්තික පහරදීමක්

දැනට වසර හතරක සිර දඬුවමකට යටත්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ප්‍රතිරූපය විනාශ කරමින් ඔහුගේ දේශපාලන ජිවිතයට මාරාන්තික පහරදීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඒ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සිටින රංජන් රාමනායකගේ ෆේස්බුක් ගිණුම පාලනය කරන පුද්ගලයා යොදාගන රන්ජන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට කටයුතු කිරීම හරහාය.

රංජන්ගේ මන්ත්‍රීධූරය අහිමිවීමෙන් පසු ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා විපක්ෂ කණ්ඩායම් පිළිකුල් සහගත හැසිරීමක නිරත වෙනවා යනුවෙන් කියන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂගේ කණ්ඩායමක් විසින් මෙම ව්‍යාපෘතිය රංජන්ගේ ෆේස්බුක් ගිණුම පාලනය කරන පුද්ගලයා මිලට ගෙන සිදු කරන්නක් බවයි.

ඒ අනුව රංජන් රාමනායකගේ ප්‍රතිරූපය මෙන්ම විපක්ෂයේ දේශපාලන ව්‍යාපෘතිය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව මෙම ආරංචිමාර්ග පෙන්වා දෙනවා.

Facebook Comments