free hit counter

චීනයට ගිය ඇමති විමල්ගේ සුපිරි සංකල්පය

ඇමති විමල් වීරවංශ කර්මාන්ත ඇමතිවරයා ලෙස පත් වූ දා සිටම ශ්‍රී ලංකා සන්නාමයක් ගොඩ නැගීමට උනන්දුවිය. දේශිය කර්මාන්ත රාශියක් යළි ගොඩනගන අතර Made in Sri Lanka නමින් නව සන්නාමයක් ගොඩනැගීමට කටයුතු කළ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ Made in Sri Lanka නමින් දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම සඳහා වෙළඳ ප්‍රදර්ශනයක් ද සංවිධානය කෙරුණි.

දැන් ඇමතිවරයාගේ මේ සංකල්පය ලංකාවෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තරය වෙත ගෙනයාමට කර්මාන්ත අමාත්‍යාංශය සමත්ව තිබේ. ඒ අනුව තානාපති කාර්යාල හරහා Made in Sri Lanka වෙළඳ නාමය ප්‍රවර්ධනය කිරීම ආරම්භ කරමින් සිංහල අවුරුදු දා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පවතී වෙළඳ ප්‍රදර්ශනයට Made in Sri Lanka සන්නාමය භාවිතා කළේය.

මේ පිළිබඳ චීන ජනමාධ්‍ය වාර්තා ප්‍රශංසා කරමින් මාධ්‍ය වාර්තා පවා නිකුත් කර තිබේ.

May be an image of 2 people and people standing

May be an image of elephant and outdoors

May be an image of one or more people, people standing and indoor

Facebook Comments