free hit counter

චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවිය යුතු සියලු ගාස්තු ගෙවා නිම කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ගෙවිය යුතු විවිධ ගාස්තු පූර්ණ වශයෙන් ගෙවූ බව චීනය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත කණ්ඩායම ඊයේ(13) නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළහ. 2021 වසර සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික ගාස්තුව, හා MICT ක්‍රමවේදය සඳහා වෙන් කළ යුතු ගාස්තුව ඊට ඇතුළත් ය.

මීට පෙර, 2020/2021 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබූ කාලයේ සාම සාධක මෙහෙයුම් 7ක් සඳහා වෙන් කළ යුතු ගාස්තු චීනය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙවා ඇත. මේ සමග ම, මේ වන විට එම සංවිධානය හා සම්බන්ධ විවිධ ගාස්තු චීනය පූර්ණ වශයෙන් ගෙවා ඇත.

විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට මෙන් ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජික රටක් ‍ලෙස, චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජකාරී වලට නොකඩවාම හා සක්‍රීය ලෙස අනුබල ලබා දෙන බව එම නිවේදනය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර පද්ධතිය චීනය
ස්ථිර ලෙස ආරක්ෂා කරමින්, සැබෑ ක්‍රියාවන් වලින් බහුපාර්ශ්වවාදය අනුගමනය කරන බව ද එහි සඳහන් වෙයි.

Facebook Comments