free hit counter

ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

කාන්තා ඔබට නිදි යහන කටු යහනක් ‌නොවන්න නම් ‌සූරාන්තය පිළිබඳව බොහෝ කරුණු කාරණා ගැන දැනුවත් වීම වැදගත් ..

කාන්තාවන්ගේ සුරාන්තය හා බැදුනු මේ විශ්මිත කාරණා ගැන සමහරවිට මේ ඔබ අසන පළමු අවස්ථාව විය හැකියි..
ඔබ මධුසමය ගත කරන මොහොතේ වගේම විවාහයෙන් වසර දහයකට පසුත් හොද ලිංගික ජිවීතයක් ගත කිරීම ඇත්තමට ශාරිරික බැදීමට එහා ගිය දෙයක්.

ඔබේ සැමියාගේ සිරුර හා එහි අවශ්‍යතා සියල්ල හොදින් අවබෝධ කර ගැනීම තුලින් මනා ලිංගිකත්වයක් විවාහ දිවිය තුල හසුරවා ගන්න හැකි වෙනවා.

නමුත් ඔබේ අවශ්‍යතා හදුනාගැනීම හා ඔබේ ලිංගික දිවිය තුල තෘප්තියක් ලැබීමද විවාහ දිවිය තුල මනා ලිංගිකත්වය යන්නටම අයත් වෙනවා.

මෙය සාර්ථකව ඉටු කරගන්න නම් ඔබේ සුරාන්තය ගැන රසවත් වගේම අලුත් තොරතුරු සොයායෑම තරම් තවත් දෙයක් තියෙනවාද?

කාන්තා සුරාන්තය ගැන මේ අපූරු කරුණු කියවීමෙන් පසු ඔබට ඔබේ සැමියා සමඟ ලිංගිකව හැසිරීම නැවුම් අත්දැකීමක් කරාවි.

කාන්තාවන්ගේ සුරාන්තයෙන් 70% ක්ම ලබා දෙන්නේ ක්ලිටරිසය මගිනි

ක්ලිටරිස් නැතිනම් භගමණිය තුල ස්නායු අන්ත 8,000 කට වැඩියෙන් තියෙනවා. එපමණ විශාල ස්නායු ප්‍රමාණයක් තිබියදි කාන්තාවන්ගේ සුරාන්තය සදහා උත්තේජනය මෙහි සිදුවීම පුදුමයට කරුණක් නෙමෙයි නේද?

බොහෝ කාන්තාවන්ට යෝනිය තුලට වඩා භගමනිය තුලින් සුරාන්තය ලගා වුවද, ඒ දෙකම වුනත් ලැබෙන්න පුළුවන්. මෙය මිශ්‍ර සුරාන්තයකි.

මෙම උපරිම තෘප්තියක් ලබා ගැනීමට ඇඳෙහි මායිමට උඩින් පාද තබාගෙන උඩුකුරුව වැතිර සිටීම වැනි සමහර ඉරියව් වලින් පුළුවන්.

එවිට ඔබේ භගමනිය උත්තේජනය කිරීම සඳහා ඔබේ සැමියාට ලගා විය හැකි පරිදි ලිංගිකව එක්වීමේදී ඔබේ යෝනිය ඉහළට ඔසවන්න.

මේ සදහා වයසේ බලපෑමක් තියෙනවා

ලිංගික පර්යේෂකයෙකු සහ Because It Feels Good නම් පොතේ කතුවරයා වන වෛද්‍ය ඩෙබී හර්බනික් පවසන පරිදි, සුරාන්තයේ ගුණාත්මකභාවය සහ සංඛ්‍යාතය වයසින් සමග ඉහළ යනවා.

“වයස සමග සුරාන්තය පහසුවෙන් ලබා ගත හැකි වෙනවා”

“නිදසුනක් ලෙස, ලිංගිකව හැසිරුණු විට සුරාන්තය ලැබීමේ ප්‍රතිශතය සැලකු විට එය වයස අවුරුදු 18 ත් 24 ත් අතර කාන්තාවන්ගෙන් 61% ක්ද, වයස 30 ගණන්වල කාන්තාවන්ගෙන් 65% ක්ද, 40 සහ 50 අතර කාන්තාවන්ගෙන් 70% ක්ද උපරිම තෘප්තියට පත්වෙනවා.

මෙසේ වීමට නිශ්චිත හේතුවක් නොමැති වුවද, වයස සමඟ ලැබෙන ලිංගික අත්දැකීම් සහ විශ්වාසය මේ සුරාන්තය ලැබීම හා සම්බන්ධයක් තියෙන්න පුළුවන්.

ඔබේ ආත්ම අභිමානයට ‌මේ සමග සම්බන්ධතාවක් තියෙනවා

❤බොහෝ කාන්තාවන්ට, තමන්ගේ හැකියාවන් විශ්වාසයෙන් යුතුව විදහා දැක්වීම හා ඔවුන්ගේ සම්බන්ධතාවය තුල සුරක්ෂිතව වීම සුරාන්තයට එළඹිමටත් පූර්ව අවශ්‍යතාවයක් වෙනවා.

❤තම ලිංගික සම්බන්ධතාවය ගැන අනාරක්ෂිතභාවයක් නොමැති කාන්තාවකට වඩා හොඳ ගුණාත්මක සුරාන්තයක් ලබා ගන්න පුළුවන්.

❤එයට හේතුව වන්නේ සුරාන්තය ලැබීම ශාරිරික සම්බන්ධතාවයෙන් ඔබ්බට යෑමයි. එය ඔබගේ මානසික හා හැගීම් වල ස්වභාවය මතද රදා පවතියි.

❤ඒ නිසා ඔබේ ලිංගික හැගීම් ඔබේම බව වටහා ගනිමින් සැමියා හා සතුට සොයා යෑමේ පළමු පියවර තබන්න.

❤ශරීර වේදනාවට සුරාන්තය හොද ඖෂධයක්.සුරාන්තය සතුටක් ලබා දෙනවා පමණක් නොව වේදනාවන්ට සහනයක් ලබා දෙන බව අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා.

අධ්‍යයනයට සහභාගී වූවන්ගෙන් 47% ක් වාර්තා කළේ හිසරදය සමනය කිරීමේදී වේදනා නාශක වලට වඩා වේගයෙන් සුරාන්තය ලැබීමෙන් එය සමනය වු බවයි.

❤“ආතරයිටිස් වලින් ඇති වන වේදනාව, ශල්‍යකර්මයෙන් පසු වේදනාව සහ දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාව ඇතුළු සියලු ආකාරයේ වේදනාවන් සමනය කිරීමට සුරාන්තයට හැකි බවට සාක්ෂි ලැබී තියෙනවා.

😘සුරාන්තය තත්පර 20 ක් දක්වා පවතින්න පුළුවන් එය තත්පර 20 ක් නොව ඊට වඩා දිගු වේලාවක් වුවත් පවත්ගන්න පුළුවන්. මෙන්න ක්‍රමය
කාන්තා සුරාන්තය වැඩි වේලාවක් පවතින්න පුළුවන්. ඒ සදහා ඔබේ සංවේදි ස්ථානය සොයා ගත යුතු වෙනවා.

❤මෙය සැමවිටම ඔබේ භගමනිය අසල පවතින්නේ නැහැ. එහි පිහිටීම එක් එක් කාන්තාව සඳහා වෙනස් වෙනවා.නමුත් එය සාමාන්‍යයෙන් යෝනි මාර්ගය තුළ දක්නට ලැබෙන තරමක් රළු පැල්ලමක් වෙනවා.

❤සුරාන්තය අත් දකින කාලය ඔබේ බිය පහව යයි . ඔබේ මුළු ශරීරයම හිරි වැටීම සිදුවෙන්න පුළුවන්. නමුත් ඔබේ මොළයේ කොටසක් හැඟීම්, බිය සහ ආරක්ෂාව වැනි ප්‍රතීක පාලනය කිරීම මඳකට ක්‍රියා විරහිත වෙනවා.

💋ඔබේ ශරීරය ඔක්සිටොසින් හෝ “ආදර හෝමෝනය” විශාල ප්‍රමාණයක් මුදාහරින අතර එමඟින් ඔබේ සැමියා කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති වෙනවා.

💋Medical News Today වලට අනුව, සුරාන්තය ඔබව සැහැල්ලු කරනවා පමණක් නොව, එය මොළයේ සමහර හැගීම් අක්‍රීය කිරීමට මොළය උත්තේජනය කරනවා. පුදුමයි නේද?🙄

🤣සෑම කෙනෙකුම අවම වශයෙන් එක් වරක්වත් ව්‍යාජ සුරාන්තයක් ලැබෙන්න පුළුවන්. කණගාටු වෙන්න එපා. මෙය ඔබට පමණක් නොවෙයි අනෙක් කාන්තාවන්ටත් වෙලා තියෙනවා. කාන්තාවන් මෙසේ වීමට විවිධ හේතු තියෙනවා.
✂සැමියාගේ ආත්ම අභිමානයට හානියක් කිරීමට අකමැත්ත මෙන්ම එය දිගටම පවත්වා ගත නොහැකි තරම් වෙහෙසට පත්වීම ඉන් සමහරක් වෙනවා.

🌋ලිංගික සම්බන්ධතාවයකදී “ඔබ එය ලබා ගන්නා තෙක් ව්‍යාජ ලෙස පෙන්වීමෙන්” කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. නමුත්, ඔබ හා ඔබේ සැමියාට සැබවින්ම තෘප්තිමත් අත්දැකීමක් ඔබට අහිමි කරගන්නවා වෙන්න පුළුවන්.
එබැවින් ඔහු සමඟ ඔබේ අවශ්‍යතා කතාබහ කරන්න. ලිංගික සම්බන්ධතාවය සාර්ථක කරගන්න එක්ව කටයුතු කරන්න.

🙄සිපගැනීමෙන් හෝ තනපුඩු උත්තේජනය කිරීමෙන් පවා ඔබට සුරාන්තය ලබන්න පුළුවන්

💋❤ශිෂ්ණය ඇතුල් කිරීම සුරාන්තය ලබා ගැනීමට ඇති එකම ක්‍රමය නොවේ. බොහෝ කාන්තාවන් මුඛ සංසර්ගයෙන් වෙඩි තෘප්තියක් ලබන බව නොරහසක් .. නමුත් බොහෝ පිරිමින් මුඛ සංසර්ගය නිවැරදිව හා ඇයගේ රුචිකත්වය අනුව කිරීමට අපොහොසත් වේ .. සිපගැනීම්, සුරතල් කිරීම හෝ තන පුඩු උත්තේජනය කිරීම වැනි ලිංගික නොවන උත්තේජනයන් පවා තෘප්තිමත් බව ලගා කර ගත හැකි බව සොයාගෙන තියෙනවා.

💋❤ලිංගික සම්බන්ධතා කලාවක් සේ සලකා ඔබ එහි නිර්මාණශීලී වන්න. ලිංගිකව එක්වීමේදී තෘප්තිමත් වීමට ස්ථිර ක්‍රමයක් නැහැ.එය සමහර විට පහසුවෙන් ලගා විය හැකි අතර සමහර විට ඒ සදහා ගොඩාක් වෙහෙස මහන්සි වීමට සිදුවෙනවා. වැදගත් දෙය නම් ලිංගික සම්බන්ධතාවය තුලදි උද්යෝගයෙන් එහි යෙදීමයි.

❤ලිංගිකව හොදින් උත්තේජනය වෙන යුවළ අතර පවා සුරාන්තයේ අඩුපාඩු තියෙන්න පුළුවන්..න්ඔබේ සැමියා තෘප්තිමත් වුවත් ලිංගිකව හැසිරෙන විට ඔබට සුරාන්තය ලබා ගත නොහැකි බලාපොරොත්තු සුන් කරගන්න එපා.

😆වඩාත්ම ලිංගික සම්බන්ධතාවයන්දි ගැලපෙන යුවල පවා මේ තෘප්තිමත් බව ලැබීමේදී නොගැලපීම් අත්විඳින්න පුළුවන්.

“අපට තවමත් තෘප්තිමත් වීමේ නොගැලපීම් තියෙනවා”

‍❤”පුරුෂයින්ගෙන් 85% ක්ම ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාවය තුල සිය සහකාරීයට තෘප්තිමත් වු බව සිතන අතර, එසේ තෘප්තිමත් වු බවට වාර්තා වී ඇත්තේ කාන්තාවන්ගෙන් 64% ක් පමණි,”

🙄බොහෝ කාන්තාවන්ට තෘප්තිමත් වීමට ටික වේලාවක් ගතවෙනවා.. මේ දේවල් සහකරු තේරුම් ගැනීම වැදගත්ම කාරණයයි .

✂සුරාන්තය ලැබීමේ වේගය අනුව නොගැලපීම් ඇති වෙන්න පුළුවන්.

🤣🤣ඔබේ සැමියා ඉක්මනින්ම උච්චතම අවස්ථාවට ලගා විය හැකි අතර, ඔබට තෘප්තිමත් වීමට මිනිත්තු 20 ක පමණ ඒ සදහා පෙර සුදානමක් හෝ ක්‍රියාකාරකම් අවශ්‍ය වෙන්න පුළුවන්.

😍මෙය සම්පූර්ණයෙන්ම ස්වාභාවිකයි. ගොඩක් පිරිමින්ට අල්ලාගෙන සිටීම එහෙමත් නැත්නම් වැඩි වේලාවක් සංසර්ගයේ යෙදීම අපහසු කාර්යයක් ..

😍ඔබ ඔබේ සැමියා සමඟ ඒ ගැන කතා කල යුතු බවත්, එබැවිට ලිංගිකව හැසිරෙන විට ඔහු වේගය මනදගාමී කල හැකි බව මා නිර්දේශ කරනවා.

🙄මෙහිදි ශුක්‍රාණු පිටවීම වළක්වා ගැනීම සඳහා ඔහුගේ ශිෂේණය පාදමට පීඩනය යෙදීමෙන් කළ හැකිය. නමුත් ඔහුගේ මනස සන්සුන් කර ගැනීම හා අවධානය යොමු කිරීමද වැදගත් වෙනවා.

💋මේ සදහා ඔහුගේ පැත්තෙන් විශාල අවධානයක් යොමු කිරීමට සිදු වුවද, ඇත්තෙන්ම අවසාන ප්‍රතිඵලය හොද වේවි.

සුභ දවසක් මම අමිල

Facebook Comments