free hit counter

මාස තුනට දෙමළ තරුණයන් 1600 ක් හමුදාවට බැඳිලා

මාස තුනක කාලයක් තුළ යාපනයේ දිස්ත්‍රික්කයෙන් අවම වශයෙන් ද්‍රවිඩ තරුණයින් 1,600 ක් ශ්‍රී ලංකා හමුදාවට බැඳී ඇති බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනය හමුදා මූලස්ථානයේ ආරක්ෂක හමුදා නිලධාරීන් අමතමින්.

බෙදුම්වාදයට පක්ෂව අදහස් ප්‍රකාශ කරන අය තවමත් අපට පෙනේ. එවැනි තත්වයක් තුළ දෙමළ තරුණයින් හමුදාවට බැඳීමට ලැබීම විශාල ජයග්‍රහණයක්.

සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නිරෝධායන පහසුකම් සැපයීමට පෙරමුණ ගෙන යාපනයේ දිස්ත්‍රික්කයේ යුද හමුදා සහ ගුවන් හමුදා නිලධාරීන් විසින් කරන ලද සේවය යුද හමුදාපතිවරයාගේ පැසසුමට ලක්විය.

Facebook Comments