free hit counter

ආණ්ඩුවේ අවුල ලිහන්න මහින්ද විශ්‍රාම යවා විමල් අගමැති කිරීමේ යෝජනාවක්

ඊයේ (15) අභයාරාමයේ පැවතී මාධ්‍ය හමුව හේතුවෙන් දේශපාලන ලෝකය උණුසුම් වී තිබේ. බැසිල් රාජපක්ෂ පිළිබඳ දිගින් දිගටම මතුවන විරෝධයත්, දිනෙන් දින පිරිහෙන මහින්දගේ සෞඛ්‍ය තත්ත්වයත් හේතුවෙන් පොහොට්ටුවේ අර්බුධය උග්‍ර වී තිබේ. බැසිල්ගේ අනවශ්‍ය මැදිහත් වීමත්, රට විකුණන, පරිණත නොවූ දේශපාලන දැක්මත් නාමල් රාජපක්ෂගේ පවා විරෝධයට ලක්වන තැනකට පත්ව තිබේ.

විමල්ගේ රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පසුගිය කාලය පුරාම විමල්ගේ කටයුතු දෙස සමීපව බලාගන සිටියේය, විමල්ගේ කටයුතු පිළිබඳ දයාසිරි තුළ ඇතිවූ ප්‍රසාදය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළම ප්‍රාසාදයක් ඇතිවන තත්ත්වයට පත්ව තිබේ.

ආණ්ඩුව තුළ මතුව තිබෙන අස්ථාවරභාවය පාලනය කර නිවැරදි මාවතකට ආණ්ඩුව ගෙනයාම සඳහා හොඳම යෝජනාව ලෙස අගමැති මහින්ද රාජපක්ෂ විශ්‍රාම ගන්වා, විමල්ට අගමැති කම ලබාදීම යන්නට නාමල් තුළ පවා කැමැත්තක් මතුව තිබෙන්නේ විමල් මෙතෙක් තම විශ්වාසය ආරක්ෂා කරමින් කටයුතු කළ නිසාත් බාප්පලාගේ ක්‍රියාකලාපය එතරම් යහපත් නොවන බව ඇඟට දැනෙන නිසාත්ය.

ආණ්ඩුවට සහය දැක්වූ පාර්ශව වල මේ වනවිට හොඳම යෝජානාව වී තිබෙන්නේ විමල් අගමැති කිරීමේ යෝජනාවයි. මේ යෝජනාවට තවමත් විරෝධය පළවෙන්නේ බැසිල් පාර්ශවය තුළින්ම වන අතර ජනාධිපතිවරයා බැසිල් පාර්ශවය සමග සමීපව කටයුතු කිරීම හේතුවෙන් දිනෙන් දින ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද විශ්වාසය නැතිවෙමින් පවතින බව ජාතික සංවිධාන පෙන්වා දෙයි.

Facebook Comments