free hit counter

ගෝඨාභයට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දීමක්

අද (16) උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්රාලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂට දුරකථනයෙන් කතා කොට තර්ජනය කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කර තිබේ. මානව හිමිකම් කඩවීම, අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසට වන බලපෑම්, මිලිටරිකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ චෝදනා ලබා ඇති ශ්‍රී ලංකාව මෙම ක්‍රියාවත් සමග ජාත්‍යන්තර වශයෙන් බරපතළ නින්දාවකට පත්ව තිබේ.

ලංකා ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකු මෙවැනි ක්‍රියාවක් කළ බවට වාර්තා නොවන අතර මෙවැනි පහත් ක්‍රියාවක් සිදුකරමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අභියෝග කරමින් ජනාධිපතිපතිවරයා කළ අපකීර්තිමත් ක්‍රියාව හේතුවෙන් ඔහු තවදුරටත් ලංකාවේ රාජ්‍ය නායකත්වයට සුදුසු නොවන බැවින් වහා ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමට තීරණය කර ඇති බව මහා සංඝරත්නය ඇතුළු ජාතික සංවිධාන ප්‍රකාශ කර සිටි.

Facebook Comments