free hit counter

ශරීරයේ මේද වැඩි පවසා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් දෙන්නෙක් එළවලා

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම වමතින් පාදඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරියට හා ඉදිරි පෙළ පිතිකරු භානුක රාජපක්‍ෂට ශරීරයේ මේද මට්ටම වැඩි වීමෙන් බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ ශරීරියේ මේද මට්ටම වැඩි ක්‍රීඩකයන්ට ක්‍රීඩා කළ නොහැකි බවට තමන් නොකියන බවත් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපත්තිමය තීරණයක් බවත්ය.

ශරීරියේ මේද මට්ටම යනු ශාරීරික යෝග්‍යතාවයේම කොටසක් බවත් ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යෑමට උනන්දු වීම අනිවාර්ය බවත් ඔහු කීය.

Facebook Comments