free hit counter

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ටත් තර්ජන

ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් සම්බන්ධයෙන් අද උදෑසන තමන්ට තර්ජනය කළ බව විජයදාස රාජපක්ෂ හෙළිකළ අතර මේ වනවිට හෙළිදරව් වී ඇත්තේ විජයදාස රාජපක්ෂට අමතරව පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන්ට ද මෙවැනි තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වේ.

අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීමට මූළිකත්වය ගත් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම සිටි හිමිනමක් වන අතර උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන්වහන්සේ මෙවැනි දේවලට බිය නොවන බවයි.

අපි කිසිවෙකුට රට පාවාදීමට ඉඩ නොදෙන බවත් පළාත් සභාවට එරෙහිව කුමන තර්ජන තිබුණත් ක්‍රියා කරන බව ද උන්වහන්සේ පැවසූහ.

Facebook Comments