free hit counter

වන සම්පත ගැන කියා දෙන්නට ජනාධිපති එනතෙක් මග බලා සිටින වන්නිල ඇත්තෝ

වසර හැත්තෑ තුනක් මේ මහා පොළවේ මහා වනස්පති සමග කල් හැරී ලෝකයට නොබියව ගොස් එක්සත් ජාතීන්ගේ ආදීවාසීන්ගේ සමුලුව නියෝජනය කරමින් ලංකාව වෙනුවෙන් මහා වනාන්තර වෙනුවෙන් ආදීවාසී උරුමය වෙනුවෙන් මවා නොගත් සද්භාවයෙන් කිසිවකට හෝ කිසිවෙකුට පක්ෂග්‍රාහී නොවී කතා කරන ඔහුටද කියන්නට ලොකු කතාවක් තිබුණා..
ලොව වනාන්තර විනාශ නොවී රැකී ඇත්නම් ඒ එකී රටවල ආදීවාසී ජනතාව ජීවත් වන ප්‍රදේශයේ බවට අවබෝධය මෙන්ම දැනුම හොදටම පවතිද්දී අපේ රටේ භූමියට රටට ආදරය කරමින් රටත් ජනතාවත් බේරා ගැනීමට කිරුළ ට සටන් කර කිරුළ දිනා ගත් පසු මිනිසාට නිදහසේ ලැබුණු ඔක්සිජන් ටිකටත් වින කරමින් වනස්පති මේ මහා පොළවෙන් අතු ගා මඩි තර කර ගන්නා කිරුළු පළන් රජවරුන්ට මේ මහා පොළවේ සතා සීපාවාට ආදරය කරමින් ජීවිකාව ට සැහෙන පමණින් දඩයමක් කර ගෙන සුපුරුදු අහිංසක ජීවන රටාවක් ගෙවන ආදිවාසීන් ගැටලුවක් වී ඇති අයුරු.. අනාදිමත් කාලයක් පුරා තම ජනතාව දිවි ගෙවූ බිමටද හිමිකම් නොලැබෙන තරමට ඔවුන් අද අසරණ ව ඇත..

ලෝකය කැරකෙන වේගයෙන් වෙනස් වන සියල්ල හමුවේ වෙනස් වීම්වලට ස්වභාවික නොවූ ලෙස වෙනස් වීමට රටේ දේශපාලන ක්‍රියාවලින් හමුවේ වෙනත් පෙදෙස් වලට නොහොත් හෙන්නානිගල ආදී ප්‍රදේශවල ට තම ජනතාව පවුල් තුන්සිය පණහක් පමණ රැගෙන ගොස් පදිංචි කර ආහාරපාන ලෙස අද අපි කවුරුත් අනුභව කරන බහුජාතික සමාගම් බෙදා හරින වස විෂ බෙද දීමෙන් තම වරිග කැකුළියන් අද උසේ තරමට ම මහත් වී රෝගී තත්ත්වයට පත්ව සිටින බව මේ කිරුළු නොපලන් නායකයා කියන්නේ මද සිනාවකින් වුවද ඔවුන්ගේ බසින්ම ඔහුගේ හදුන්පොත කී ගාන බව ඔහුගේ දෙනෙත් මොනව්ට සාක්ෂි දැරීය.

රටේ බොහෝ රාජ්‍ය නායකයින් පැමිණ තමා හමු වී දුක සැප බලා යන නමුත් සැබවින්ම තම වරිගය වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට නීතිය පවා තමන් ට හරස්ව ඇති බව ඒ නායකයා කියන්නේ වේදනාවෙනි. දඩයමින් දිවි ගෙවන ඔවුන්ට දඩයම තහනම් වී ඇති අයුරු හා එහිදී හොරෙන් දඩයමක් කර ගැනීමට යන කැකුළන්ට වරිග නීති රීති සංස්කෘතිය අමතක වීම ගැන දොස් නොනගා වේදනාවෙන් හඩ අවදි කරන්නේ වයෝවෘද්ධ සතෙකු බඩදරු මව් සතෙකු කිරි දෙන මව් සතෙකු ආදී ලෙස සිතා හිංසා නොකර දඩයම් නොකරන ලෙස සදාචාරයක් පවතින සිය වරිගය ට දැන් දැන් එසේ තෝරා බේරා ගැනීමට හැකියාව නැති වන අවස්ථාවන් දඩයම තහනම තුළින් හොරෙන් දඩයම් කරද්දී සිදුවන අවස්ථා ඇති බව මේ මහා පුරුෂයා පවසන්නේ නීතිය හා තම වරිගය රැක ගැනීම යන දෙකොන් අතර සිරවූ කම්පනයකිනි.

නූතනයේ ලෝකය හා ලංකාව අඩු වැඩි වශයෙන් මුහුණ පා සිටින කොරෝනා වසංගතය සිය වරිගයේ ජනතාවට කිසිදු තර්ජනයක් නොවන බව ඒ මහා කිරුළු නොපළන් රජු පවසන්නේ අව්‍යාජ සිනාවෙන් මෙන්ම අහිංසක ආඩම්බරයකිනි.එයට හේතුව ලෙස ඔහු පවසන්නේ තම වරිගය ගහ කොළට ආදරය කරමින් ගහ කොළ අනුභව කරමින් සතා සීපාවා සමග පිරිසිදු වාතාශ්‍රය සහිත පරිසරයේ ගෙවන සරල දිවිපෙවෙත හමුවේ තම වරිගයේ ජනතාව ට හොද ප්‍රතිශක්තිකරණය ක් තිබෙන බවයි.සැබවින්ම ඔහු වෙදකම පිළිබඳ හසල දැනුමක් ඇති පාරම්පරික වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන බව ඔහු පිළිබඳ පැවසූ තිසා ඇත්තෝ සිය ලොකු තාත්තා ගැන කීවේ ආඩම්බරයකිනි.ඔහුගේ පියසේ තිබූ වෙද පියස යන බෝඩ් ලෑල්ල ඊට සාක්ෂි දැරීය .

ලොව වනාන්තර වෙනුවෙන් සිය හඩ අවදි කර ඇති මේ ආදීවාසී නායකතුමා සිංහරාජය ආදී මහා වනාන්තර වෙනුවෙන් සුසුම් හෙලන්නේ නිර්ව්‍යාජව බවට ඕනෑ තරම් සාක්ෂි පවතින්නේ මේ මහා පොළවට සැබෑ ලෙස ආදරය කරමින් හා ඒ වෙනුවෙන් පවතින නීතිය මගින්ද කටයුතු කරමින් සිටින බව සතුටින් පැවසීමට තරම් ඔහු එඩිතර බැවිනි .

මෙහිදී රතු ඉන්දීය ආදීවාසී නායක සියැටෙල් වැනිම ගහ කොළට ආදරය කරන අපේ ආදීවාසී නායක වන්නිල ඇත්තෝ පිළිබඳ ව ලංකාවේ ලියැවුණු දේවලට වඩා පිට රැටියන් බොහෝ ලියා ඇති බව සහ තමන් හා තම වරිගය රවටන කතාවට පමණක් තම අයිතිවාසිකම් ගැන පවසන දේශපාලන සංස්කෘතිය ගැන ඔහු හඩ අවදි කළේ තම ප්‍රඥාව හා අවබෝධය ඊට වඩා බොහෝ ඉහළින් පවතින බව මොනවට විදහාපාමිනි.එසේම මෙම කොරෝනා වසංගතය නොවන්නට තමන් ට වෙනත් රටවල් තුනකට ඉහත කී සමුළුව වෙත යාමට නියමිතව තිබූ බවද ඔහු පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා තමා හමුවීමට තවම නොපැමිණි නමුත් අන් නායකයින් මෙන්ම ඔහුද තමා හමුවී සැප දුක විමසා බැලීමට නුදුරේම පැමිණෙතැයි මේ නායකතුමා පැවසුවේ කිසිදු දේශපාලන ගැති බවකින් තොර විශ්වයේ සැබෑ නායකයෙකු ලෙසිනි.

–රුෂෙවි–

Facebook Comments