free hit counter

ඇමරිකාව ඇෆ්ගානිස්ථානයෙන් පිටවෙයි.

ඇමරිකානු හමුදා වසර 20 පසු නැවත සිය රටට කැදවීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.
2001 පෙන්ටගන සහ ලෝක වෙළද මධ්‍යස්ථාන ප්‍රහාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් වල නිරත ඇමරිකානු හමුදා භටයින් සියලු දෙනාම නැවත කැද වෙන්නේ ප්‍රථම වතාවටයි.

මේ වනවිට නේටෝ ඇෆ්ගන් මෙහෙයුම සඳහා සහභාගී වූ 3500 ට අධික භට පිරිසක් ආෆ්ගනිස්ථානයේ රැදී සිටිනවා.
වසර 20 ක දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එලබ ඇති බවත්,එහි ස්ථානගත වීමේ අරමුණ මේ මොහොත වන විට සාක්ෂාත් වී ඇති බැවින්,හමුදා නැවත කැදවීමට තීරණය කල බව බයිඩන් වැඩිදුරටත් සදහන් කර සිටියා.
එසේ වුවද මානුෂවාදී උපකාර සහ රාජතාන්ත්‍රික මැදිහත්වීම අවශ්‍ය සෑම විටම ලබා දීමට සුදානම් බව ද ඔහු සදහන් කර සිටියා.

මේ පිළිබඳව තම අදහස දක්වන ඇෆ්ගන් ජනාධිපති “අෂ්රෆ් ගානි” ඇමරිකාවේ තීරණයට ගරු කරන බවත්,තවදුරටත් රාජතාන්ත්‍රිකව අදාල මැදිහත්වීම අපේක්ෂා කරණ බවත් සදහන් කළා .

එසේම ඇෆ්ගන් ආරක්ෂක හමුදා ඕනෑම තත්වයක් පාලනය කිරීමට ශක්තිමත් ව මුහුණ දිය හැකි ආකාරයට සකස් වී ඇති බවද ඔහු පෙන්වා දෙනු ලැබුවා.

කෙසේ වෙතත් තලෙයිබාන් කැරලිකරුවන් මේ වනවිට ඉතා දුර්වල තත්වයකට ඇද වැටි සිටීම තත්වය පාලනය කිරීම පහසු කරවන්නක් වී තිබෙනවා.

Facebook Comments