free hit counter

හීත් ස්ට්‍රික්ට වසර 8 ක ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ හිටපු නායක සහ වේගපන්දු යවන්නෙක් වන හීත් ස්ට්‍රික් වෙත වසර 8 ක ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.ICC ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ ඔහු සිම්බාබ්වේ කණ්ඩායමේ පුහුණුකරු ධුරය දරණ කාලයේ “Mr X “නමැති ඉන්දීය පුද්ගලයෙක් සමඟ ගනුදෙණු පවතවමින් දුෂණ ක්‍රියාවන්ට දායක වී ඇති බවයි.ඔහු ක්‍රීඩක දත්ත හා දුරකථන අංක හුවමාරු කරමින් ආසියාව ආශ්‍රිත T 20 ලීග සම්බන්ධව සහ ජාතික කණ්ඩායමේ තරඟ පිලිබඳ මේ ආකාරයට තොරතුරු ලබා දී ඇති බව ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

2018 ශ්‍රීලංකා,බංගලාදේශ,සිම්බාබ්වේ තුන්කොන් තරඟාවලිය,2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය,ඇෆ්ගන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය යන තරගාවලි පිළිබඳව ද ඒමේ තොරතුරු ලබා දී ඇති බවයි.වැඩිදුරටත් එම ICC වාර්තාවේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් එම තොරතුරු ලබා දීම වෙනුවෙන් බිට් කොයින් 2 ක් සහ ඇපල් ජංගම දුරකතනයක් තම බිරිඳ වෙත ලබා ගෙන ඇති බවද වාර්තා වෙනවා.

සිම්බාබ්වේ වෙනුවෙන් එදා මෙදා තුර හොදම වේග පන්දු යැවීම් සටහන් කර ඇති හීත් ස්ට්‍රික් එංගලන්තයට එරෙහිව 87/6 ක් ලෙස කඩුළු ලබා ගැනීම,ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ගෞරවයට පාත්‍ර වන්නන්ගේ ලේඛනය තුලටද ඇතුලත් වී තිබීම විශේෂත්වයක්.

Facebook Comments