free hit counter

“චීනය අපි සාදරයෙන් පිළිගමු” – විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ

ලොව කාර්යබහුල මුහුදු මංතීරු හරහා ශ්‍රී ලංකාව පිහිටා තිබීම සහ ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍ර කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ අපේක්ෂාවන් නිසා වරාය ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් බව ලංකාවේ විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසනවා.

“එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය ගෝලීය සැපයුම් දාමයන් හා සමුද්‍රීය වාණිජ්‍යය සමඟ අපට වඩාත් සම්බන්ධ කරවන ඉතා ධනාත්මක ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය” යැයි අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය.

චීනයේ ආයෝජනය ශ්‍රී ලංකාවේ ණය බරට එකතු වේ යැයි බටහිරයන්ගේ කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින් අද්මිරාල් ජයනාත් කොළඹගේ පිළිගත්තේ ණය හා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය සියයට 86 ක් පමණ වන බැවින් රටට ණය ප්‍රශ්නයක් ඇති බවයි. “එහෙත් චීනයේ ‘ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය’ පිළිබඳ චෝදනාව සත්‍ය නොවේ.”ඔහු පැවසීය.

ඔහු හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ආරක්ෂා කරමින් කියා සිටියේ එය ඉන්දියානු සාගරය හරහා කාර්යබහුලම නැව් මාර්ග සඳහා ශ්‍රී ලංකාවේ ආසන්නතම ස්ථානය බවයි. හම්බන්තොට වරායේ තුන්වන අදියර ඉදිකිරීම සහ පෝර්ට් සිටි ඇතුළු චීනයේ ආයෝජන ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ඔහු පැවසීය.

“ණය තත්ත්වය නිසා, අපි දැන් වැඩි ණය ප්‍රමාණයක් ලබා ගැනීමට උනන්දු නොවෙමු. අපි දැන් උනන්දු වන්නේ උපාය මාර්ගික පිහිටීම භාවිතා කරමින් විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ය” යි අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය. “ඒ අර්ථයෙන් ගත් කල, අපි ඕනෑම තැනක සිට ආයෝජන සාදරයෙන් පිළිගනිමු. මේ වන විට චීනය විශාලතම ආයෝජකයා වන අතර චීනයේ ආයෝජන අපි සාදරයෙන් පිළිගනිමු ” යැයි අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය.

Facebook Comments