free hit counter

නාසා ආයතනය බබළවන රටට බරක් නැති ජනපති පුතා

අපිට විවිද දේශපාලන මත තිබෙනවා විටක අපි කෙනෙක්ගේ දේශපාලන මතයට එකඟවෙන්න පුලුවන් ඒ වගේම තවත් විටක අපි ඔහුගේ දේශපාලන මතයට එකඟ නොවෙන්න පුලුවන් නමුත් අපි මොන මතයේ හිටියත් අපේ විවේචනය තියෙන්න ඕනේ අපේ දේශපාලන මතයට විරුද්ධව මත දරන්නන්ට මිසක් ඔවුන්ගේ දරුවන්ට නොවේ.

කාලෙන් කාලෙන පත්වෙන හැම ආණ්ඩුවකම ඇමතිකම් දරාගෙන තමන්ගේ අරමුණු ඉටුකරගන්න බැරි තැන ඒ ආණ්ඩුවට විරුද්ධව මාධ්‍යවලට ඇවිත් වොයිස්කට් දෙන්න විජේදාස රාජපක්ෂ වගේ අවස්ථාවාදියෙක් ලොවෙත් නැතුව ඇති. කාලයක් මහින්දගේ ආණ්ඩුවේ හිටපු විජේදාස තවත් කාලයක් හිටියේ රනිල්ගේ ආණ්ඩුවේ ඊටස්සේ රටේ රැල්ල තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂට කියලා දැනගත් සැනින්ම විජේදාස තමන්ගේ පාට මාරු කරගෙන ගෝඨාභය රාජපක්ෂට ජැක් එක ගහලා තමන්ගේ ජාමේ බේරගත්තා. එදා මෛත්‍රිපාල සිරිසේනට අන්ත අසික්කිත විදියට බැනපු විජේදාස මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විවිද චෝදනාවන් එල්ලකරන්න පටන්ගෙන තිබෙනවා. ඒකට හේතුව තමයි අධිකරණ ඇමතිකම තමන්ට ලැබෙයි කියලා ‌හෙන බලාපොරොත්තුවෙන් හිටපු විජේදාසගේ එම සිහිනය සුන්වෙලා යෑම.
විජේදාසගේ පෞද්ගලික ඇරියස් අපිට අදාල නෑ , විජේදාසට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක ප්‍රශ්නයක් තියෙනවානම් ඒ ප්‍රශ්නය එතුමා එක්ක බේරගත්තට , එතුමාව විවේචනය කරාට අපිට ඒක ප්‍රශ්නයක් නෑ.

නමුත් ලාංකීය දේශපාලනයට කිසිම සම්බන්ධකමක් නැති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂවත් ඇදගෙන ඩෙගා නටන එකනම් අපිට ලොකු ප්‍රශ්නයක්.

ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාවටම ගත්තොත් අපි දැක්ක දෙයක්තමයි සාමාන්‍ය මැති ඇමතිවරුන්ගේ දරුවන් පවා දාපු සෙල්ලම් , ම(ර්)වින් සිල්වාගේ පුතා එහෙම මොනතරම් නාඩගමක් මේ රටේ නැටුවාද? එහෙනම් රටේ නායකයින්ගේ පුතාලා නිකන් ඉඳිවිද? ජේ.ආර් ගේ පටන් සිරිසේන දක්වා හිටපු ජනාධිපතිවරුන්ගේ දරුවන් මේ රටේ දාපු සෙල්ලම් , නැටිලි එහෙම රටේ කාටවත් අමතක නැතුව ඇති. සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන්ගෙන් රටට මෙලෝ ප්‍රයෝජනයක්වත් වෙලා නෑ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුත් මනෝජ් රාජපක්ෂ කියන්නේ ලංකාවේ ජනාධිපතිගේ පුතා කියලාවත් රටේ බහුතරයක්ම මිනිස්සු දන්නේ නෑ , හේතුව ඔහු අනිත් ජනාධිපති පුත්තුලා වගේ ඩෙගා නටලා , බීලා ගිහින් වාහන එහප්පලා , නයිට් ක්ලබ් වල වර්චස් දාලා ජනාධිපති තාත්තගේ පවර් එක පෙන්නන්න ගියේ නෑ. තමන්ගේ තාත්තා රටේ ජනාධිපති වෙලත් තවම ලංකාවටවත් මනෝජ් රාජපක්ෂ ආවේ නෑ.

හිටපු ජනාධිපතිවරුන්ගේ පුත්තුන්ගෙන් ලංකාවට මොන වගේ සේවාවන් උනාද කියන්න මන් දන්නේ නෑ නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතා මනෝජ් රාජපක්ෂනම් ලෝකයේ අති විශිෂ්ටයින් ඉන්න නාසා ආයතනයේ රැකියාවක් කරගෙන පාඩුවේ ජීවත්වෙන අති සුන්දර චරිතයක්. ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ පුතාලටනම් නාසාවට තියා නාසා එකේ දොරකඩටවත් යන්න පුලුවන් උනාද කියන්න අපි දන්නේ නෑ , නමුත් මනෝජ් නාසා එකේ උසස් රැකියාවක් කරනගමන් ලංකාවේ නම නාසා ආයතනයේ බබලවන ලාංකීය තරුණයෙක් කියලානම් අපි දන්නවා.

විජේදාසලා වගේ දේශපාලන කුහකයින් අද කියනවා “ගෝඨාභයගේ පුතාට අවුලක් නෑනේ එයාලා ඇමරිකාවේ නේද” කියලා. ඔව් ඇමරිකාවේ තමයි ඉන්නේ ඒත් මනෝජ් තවමත් ජීවත් වෙන්නේ කුලි නිවසක , ලංකාවේ ජනාධිපතිගේ පුතා ඇමරිකාවේ කුලි නිවසක ජීවත් වෙනගමන් ලෝකයේ අති දැවැන්ත ආයතනයක රැකියාවක් කරගෙන පාඩුවේ ඉන්න එකද මනෝජ් විසින් විජේදාසට කරපු වැරැද්ද?

නිකන් කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගෙන කන්න ලෑස්ති වෙන්න එපා විජේදාස මහත්තයෝ. ඔබතුමාගේ පුතා දාපු සෙල්ලම් , කරපු ගේම් එහෙම ලියන්න ගියානම් පිටු ගාණක් ලියන්න වෙයි. පොඩ්ඩක් තමන්ම හිතලා බලන්න තමුන් නිකන්ම නිකන් මන්ත්‍රි කෙනෙක් වෙලා ඉද්දිම තමන්ගේ පුතා මොනතරම් ජෝගි දදා ඩෙගා නටනවාද? එහෙව් එකේ රටේ කරුමෙටහරි තමන් මේ රටේ ජනාධිපති උනොත් තමුන්ගේ පුතා මොන මොන දේවල් කරයිද?

එහෙව් එකේ තමුන් කොහොමද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතා මනෝජ්ව ඇදගෙන විකාර කියවන්නේ?
තමන්ගේ තත්තලාගේ නමත් කාලා නැති කරලා දාපු දේශපාලන පුතාලා ඉන්න රටේ මනෝජ් වගේ ජනාධිපති පුතෙක්ව දැකගන්න පුලුවන් වෙච්ච එකත් ලොකු දෙයක්.

Facebook Comments