free hit counter

“ගෝඨාභය පොරොන්දු කඩ කළා” – ඇල්ලේ ගුණවංශ හිමි, උදය ගම්මන්පිළ

කොළඹ වරාය නගර කොමිෂන් සභාව සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ආණ්ඩුව බලයට පත් කිරීමට විශාල වශයෙන් කැපකිරීම් කළ බලවේග යන දෙපාර්ශවයේම බෙදීම් තීවෘ වෙමින් තිබෙන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසූහ.

වරාය නගර කොමිෂන් සභාව සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් පසුව ඡන්දය විමසන අවස්ථාවේදී දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි කී උන්වහන්සේ ශ්‍රී ලංකා රජය සමග කිසිදු නෛතික හෝ ව්‍යවස්ථාමය බැඳීමකට යටත් නොවෙමින් සිදුකරනු ලබන අනෙකුත් සියලු ක්‍රියාවන් සහ ඒ හා සම්බන්ධ විගණන ක්‍රියාවලියටත් ශ්‍රී ලංකා රජයට අත පෙවිමට නොහැකි තත්වයක් ඉස්මතු වීම නිසා අදාළ පනත් කෙටුම්පතට සියල්ලන්ම විරුද්ධ විය යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කර ඇත.

එසේම අදහස් දක්වමින් ඇමති උදය ගම්මන්පිළ කියා සිටින්නේ

මැතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් පොරොන්දු මේ වනවිට කඩකර ඇති බවයි.

“මේ දවස්වල අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කරලා තියෙනවා යෝජනාවක් ජනවරමට පිටුපාලා. ඒ තමයි පළාත් සභා මැතිවරණයේදී එක කොට්ඨාසයකින් එකම පක්ෂයෙන් අපේක්ෂයෝ තුන්දෙනෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක්. ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා මනාප ක්‍රමයට තිත තියනවා කියලා. ඉතින් ඒ පොරොන්දුවට මේක පටහැනියි.

ආණ්ඩුව වෙනුවෙන් උත්තර දෙන අය ගොඩක් ඉන්නවා. ඒත් ඒ දෙන උත්තර කොච්චර සාර්ථකද කියලා මට ප්‍රශ්නක් තියෙනවා මොකද දැන් මම ප්‍රේක්ෂකයෙක්නේ ආණ්ඩුවේ.” ඔහු පැවසීය.

Facebook Comments