free hit counter

රංජන්ට ජනාධිපති සමාව – නාමල්ගේ ගමනේ රහස හෙළිවේ

දැනට උසාවිය මගින් වසර හතරක සිරදනුවමකට යටත් කර සිටින රංජන් රාමනායක බැලීම සඳහා නාමල් රාජපක්ෂ ඊයේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගියේය.

රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම සඳහා පැමිණි එම ගමනේ අවසන් අරමුණ රංජන්ට ජනාධිපති සමාව ලබාදීමට අදාළ කටයුතු සංවිධානය කිරීම බව අභ්‍යන්තර තොරතුරු පෙන්වා දෙයි.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් ලෙස රංජන් රාමනායක නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉඉරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සඳහා මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයාගේද පූර්ණ ආශිර්වාදය හිමිව තිබේ.

කෙසේ වෙතත් රංජන් ප්‍රකාශ කර සිටියේ තමන් ජනාධිපති සමාව අපේක්ෂා නොකරන බවයි.

Facebook Comments